ශ්‍රද්ධා නාලිකාව පවත්වාගෙන යන්නට අත දෙන ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වතුන්ටත් ආරම්භයේ සිට ම ශ්‍රද්ධා නාලිකාවට උපකාර කළ සැමදෙනාටත් ගෙවීගිය ව්‍යවහාර වර්ෂය පුරාවට රැස්කළ සියලු පින් අනුමෝදන් කොට සෙත් පැතීම උදෙසා 2018 දෙසැම්බර් 29 දින රාත්‍රියේ විශේෂ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනයක් සහ සර්වරාත්‍රික පිරිත් දේශනයක් ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුනා.
සියල්ලෝම මේ පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනය ද ඇතුලුව මෙම අසිරිමත් පින්කමේ වීඩියෝ දර්ශන නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න.
Me awasthawa apata udakaradun me yugaye kalyana Mithtraynan wahenseta mage namaskaraya wewa. Sadu .sadu .sadu
එකම ආයතනයක් තුලින් මෙපමණ පුන්‍ය කටයුතු සිදුකර තිබීම ආශ්චර්යක්මය.හිතට අපමණ ප්‍රීතියක් දැනේ.යම් පමණකට හෝ මටද පින් කටයුතු වලට සම්බන්ධ වන්නට හැකි විය.අපහට එය නැවත නැවත ආවර්ජනා කර සතුටු විය හැකිය.
දිවි මගේ අසරනවූ අපගේ ජීවිත වලට වටිනාකමක් ලැබුනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාත් නිසාවෙනි.ජීවිතය අර්ථාන්විත ගත කරන්නට ඉගෙන ගත්තේ එතැන් පටන්ය.
මහමෙව්නාව නොතිබෙන්නට අප කෙතරම් නම් අසරනවූ අයවලුන්ද.සත්පුරැෂයින්ගේ පුන්‍ය භූමිය මහමෙව්නාවයි.කෙතරම් සැදැහැවතුන් පින්රැස්කර ගන්නට ඇතිද.සුගතිය කෙරෙහි සිත පහදවා ඒ සදහා ගුණධර්ම වඩවා ගැනීමට වෙහෙස වන්නන් කෙතරම්.
සත්පුරැෂ ගුරැවරයෙකුගේ මග පෙන්වීම නිසා අඩුම තරමින් ගුණවත් බවවත් ඇතිකර ගැනීමට හැකියාව ලැබුනා.කලණ මිතුරැ ඇසුර ලොවටම සෙත සලසයි.
වසරක් ගෙවී වසරක් ලබනා මේ මොහොතේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අසපුවාසී සියලු ස්වාමීන් වහන්සේලාත් මෑණියන් වහන්සේලාත් නිදුක් නීරෝගි සුවපත් බව ලැබී දීර්ඝායුෂ ලබත්වා. සුවසේම ධර්මාවබෝධය ලැබීමට හැකිවේවා!!!
ශ්‍රද්ධා රෑපවාහිනියේ කලණ මිතුදම තව බොහෝ කල් සියලු සත්වයන්ගේ හිතසුව පිණිසම පවතීවා!!!