පොළොන්නරුව මහමෙව්නාව භාවනා අසපුවත් තාවතිංස යාත්‍රා සංවිධානය, ශ්‍රද්ධා මාධ්‍යජාලය සහ මහාමේඝ පුවත් සඟරාව එක්ව සංවිධානය කළ පොළොන්නරුව ප්‍රදේශයේ මව්පිය සෙනෙහස අහිමි වූ දරු දැරියන් වෙනුවෙන් එළඹෙන 2017 වසරට අවශ්‍ය පාසැල් උපකරණ බෙදාදෙමින් සිසු දිරිය පුණ්‍ය සත්කාරය උදුවප් මස 10 වන දින පොළොන්නරුව, පැරකුම් උයන මහමෙව්නාව භාවනා අසපුවේ දී පවත්වන්නට යෙදුනි.
තම මව හෝ පියාගේ සෙනෙහසද අහිමිව ඉතා දිළිදු නමුත් ඉගෙනීමේ දක්ෂතා ඇති දරු දරියන්ට සවියක් වෙමින් ඉදිරි වසර සදහා ඔවුනට අවශ්‍ය සියලු පාසැල් උපකරණ ලබාදීමට අපට හැකි විය. වැලිකන්ද, පොළොන්නරුව, අරණගංවිල, මැදිරිගිරිය ආදී ඉතා දුශ්කර ප්‍රදේශයන් හී ඉතා දිලිදු අසරණ දරුවන් 230 කට මෙලෙස ශිෂ්‍යාධාර ලබාදෙන්නට යෙදුනි. ඒ යටතේ එම දරුවන්ට මසා නිමකළ පාසැල් නිළ ඇදුම් කට්ටලයක්, අලංකාර අභ්‍යාස පොත් කට්ටලයක්, පෑන් පැන්සල් කට්ටලයක්, කවකටු පෙට්ටියක්, සපත්තු කුට්ටමක්, පාසැල් පොත් බෑගයක්, වතුර බෝතලයක්, කුඩයක්, රාමු කරන ලද බුද්ධ රූපයක්, පිරිත් පැන්, පිරිත් නූල්, දහම් පොත් කට්ටලයක්, මෙන්ම සබන් දත් බුරුසු ආදී සියල්ලෙන් සමන්විත උපකරණ කට්ටලයන් ලබා දුනි. ඊට අමතරව උසස්පෙල හදාරණ සිසු දරුවනට පැරණ ප්රශණපත්තර පොත් ද ලබාදුනි.
එමෙන්ම එම සිසු දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානයට සමගාමීව සදහම් වැඩසටහනක්ද පැවැත්විණි..
මෙලෙස රැස්කළ සියළු පින් සියල්ලෝ සතුටින් අනුමොදන් වෙත්වා….! සංසාර දුකින් අත්මිදෙත්වා…!