මහාවංශය – පස්වෙනි පරිච්ඡේදය
මහාවංශයෙහි පස්වෙනි පරිච්ඡේදය වන මෙහි දෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංඝයා වාද විවාද හේතුවෙන් ආචාර්ය කුලයන්ට බිඳීගිය ආකාරයත්, ධර්මාශෝක රජුගේ රාජාභිෂේකය සිදුවූ ආකාරයත්, ධර්මාශෝක රජතුමා නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ බැහැදැකීම සිදු වූ ආකාරයත්, ධර්මාශෝක අධිරාජයා බුද්ධාගම වැළඳගැනීමත්, මහා පින් ඇති, මහා බල ඇති, මහා තෙද ඇති මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පහළවීම පිළිබඳ අසිරිමත් කතා පුවතත්, ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් තුන්වන ධර්ම සංගායනාව සිදු වී ගෞතම බුදු සසුන සුරක්ෂිත වූ ආකාරයත් විස්තර වේ.