ඉතිහාසය

මහාවංශය – පස්වෙනි පරිච්ඡේදය

2019-05-30T18:46:40+05:30May 30th, 2019|මහාවංශය|

මහාවංශයෙහි පස්වෙනි පරිච්ඡේදය වන මෙහි දෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංඝයා වාද විවාද හේතුවෙන් ආචාර්ය කුලයන්ට බිඳීගිය ආකාරයත්, ධර්මාශෝක රජුගේ රාජාභිෂේකය සිදුවූ ආකාරයත්, ධර්මාශෝක රජතුමා නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ බැහැදැකීම සිදු වූ ආකාරයත්, ධර්මාශෝක අධිරාජයා බුද්ධාගම වැළඳගැනීමත්, මහා පින් ඇති, මහා බල ඇති, මහා තෙද ඇති මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පහළවීම පිළිබඳ අසිරිමත් කතා පුවතත්, ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් තුන්වන ධර්ම සංගායනාව සිදු වී ගෞතම බුදු සසුන සුරක්ෂිත වූ ආකාරයත් විස්තර වේ.

මහාවංශය – සිව්වෙනි පරිච්ඡේදය

2019-05-29T21:50:00+05:30May 29th, 2019|මහාවංශය|

මහාවංශයෙහි සිව්වෙනි පරිච්ඡේදය වෙන මෙහි විස්තර වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වුන තැන විසාලා මහනුවර වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තු මුල්කරගෙන සබ්බකාමී, යස, රේවත යන මහරහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා සත්සිය නමකගේ සහභාගීත්වයෙන් විසාලා මහනුවරදී කාලාශෝක රජුගේ අනුග්‍රහය යටතේ දෙවන ධර්ම සංගායනාවෙන් බුදු සසුන සුරක්ෂිත කළ ආකාරය ගැනයි.

මහාවංශය – තුන්වෙනි පරිච්ඡේදය

2019-05-29T21:37:52+05:30May 28th, 2019|මහාවංශය|

අපගේ ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේ උතුම් අර්හත්වයට පත් වූ බව ඒ රහතන් වහන්සේලාට දන්වනු පිණිස උන්වහන්සේලා සමඟ මණ්ඩපයට වැඩියේ නෑ. එතකොට එක රහතන් වහන්සේ නමක් ‘මේ ආසනය වෙන්කොට තිබෙන්නේ කවුරුන් වෙනුවෙන්ද?’ කියලා ඇසුවා. ‘මෙය ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සඳහා ය’ කියලා පිළිතුරු ලැබුනා. ‘අපගේ ආනන්දයෝ කොහි ගියාද?’ කියා අසනවාත් සමඟ ම, අපගේ ආනන්දයන් වහන්සේ පොළොවෙහි කිමිදුනා. සංගායනා මණ්ඩපයේ තමන් වෙනුවෙන් පනවා ඇති ආසනයෙහි වාඩිවුනා.

මහාවංශය – දෙවෙනි පරිච්ඡේදය

2019-05-28T21:05:59+05:30May 28th, 2019|මහාවංශය|

අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් මහාමුනීන්ද්‍රයන් වහන්සේ මහාසම්මත රාජ වංශ පරම්පරාවෙහි ම උපන් සේක. මේ මහා කල්පයෙහි මුල් අවස්ථාවෙහි අප බෝසතාණන් වහන්සේ ඕපපාතිකව මනුෂ්‍ය ආත්මයක ඉපිද සිටියා. මහජනයා විසින් උන්වහන්සේව ‘මහාසම්මත’ යනුවෙන් නම් කොට රජකමට පත්කෙරෙව්වා.

මහාවංශය – පළමුවෙනි පරිච්ඡේදය

2019-05-26T21:58:08+05:30May 26th, 2019|මහාවංශය|

අපගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට එම උතුම් වංශ පරම්පරාවෙහි ශ්‍රේෂ්ඨ සිදුවීම් ගැන විස්තර සමගින් ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ වංශය පිළිබඳ ව පරම්පරා කථාව වන මහාවංශය පවසමි.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (9 කොටස)

2019-01-14T17:39:20+05:30January 14th, 2019|ජම්බුද්වීපය|

සංකස්සය වර්තමාන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පරුඛාබාද් දිස්ත්‍රික්කයේ කාලි නදීතෙර පිහිටා තිබුණි. සංකස්ස හෙවත් සංකිස්සාවේ පෞරාණික නාමය සාංකශ්‍ය යන්නයි. වාල්මිකීගේ රාමායනයේ ද, පාණිනීගේ අෂ්ඨධ්‍යායී ව්‍යාකරණ ග්‍රන්ථයේ ද සාංකශ්‍ය ගැන සඳහන් වේ. භාරතීය බෞද්ධ සිද්ධස්ථාන නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට සාංකශ්‍ය නම් පෞරාණික නගරය කනවුජ් හා අත්‍රංජි අතර පිහිටා තිබුණි.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (8 කොටස)

2019-01-11T16:23:43+05:30January 11th, 2019|ජම්බුද්වීපය|

බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය මගධය යි. මගධ රාජ්‍යයේ පාලකයා වූයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ බිම්බිසාර රජතුමා යි. එතුමාගේ පාලන සමයේදී යාබද පිහිටි අංග රාජධානිය ද මගධයට එක් කර ගත් අතර අංගයේ අගනුවර වූයේ චම්පා නගරය යි. මගධයේ උතුරු සීමාව ගංගා නදිය වූ අතර නැගෙනහිරින් චම්පා නදිය ද දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝණ නදිය ද සීමා මායිම් විය.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (8 කොටස)

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (7 කොටස)

2020-03-01T13:19:17+05:30January 10th, 2019|ජම්බුද්වීපය|

මෙම කෝසල ජනපදය, මගධ ජනපදයට වයඹින් ද දකුණින් ගංගා නම් නදිය ද නැගෙනහිරින් ගන්ඩන් හෙවත් නාරායනී නදිය ද උතුරු දෙසින් හිමාල කඳු වැටිය ද පිහිටන සේ සීමා මායිම් සලකුණු වී තිබිණි. ධර්මපට්ඨාන යන අපර නාමයකින් ද හැඳින්වූ සැවැත්නුවර පිහිටියේ කෝසල රාජධානියේ උතුරු පෙදෙසේ ය. සාවත්ථි නම් ඍෂිවරයාගේ වාසස්ථානය වූ හෙයින් ශ්‍රාවස්ථි නම් වී යැයි ද.....

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (7 කොටස)

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)

2020-03-01T13:17:08+05:30January 9th, 2019|ජම්බුද්වීපය|

කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල මල්ල රාජ්‍යයේ කුසිනාරා හා පාවා යන දෙරට විසූ මල්ලයෝ ස්වතන්ත්‍ර පාලනයක් ගෙන ගියහ. චීන දේශාටකයින්ගේ වාර්තා අනුව මල්ල රාජධානිය පිහිටියේ ශාක්‍ය රාජධානියට නැගෙනහිරින් වජ්ජි රාජ්‍යයට උතුරින් හිමාල කඳු පාමුල ය. ඈත අතීතයේ මෙම රාජ්‍යය කුසාවතී නමින් හැඳින්විණි.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)
Go to Top