දෙමළ ළමුන් වෙනුවෙන් දෙමළ භාෂාවෙන් කෙරෙන සදහම් වැඩසටහනක් පසුගිය 2015 සැප්තැම්බර් මස 18 දින මොණරාගල විපුලානන්ද දෙමල මහා විද්‍යාලයේදී පැවැත්වුනා. මෙම වැඩසටහන සඳහා එම විදුහලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන 350 ක් පමණ වූ දරුදැරියනුත් ගුරු මහත්ම මහත්මීනුත් සහභාගී වුනා.
මෙම සදහම් වැඩසටහන දෙමළ භාෂාවෙන් සිදුකරන ලද්දේ මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනුයි. මෙම සදහම් වැඩසටහන එම දරුදැරියන්ගේ ජීවිත වලට අනුස්මරණීය දෙයක් බවට පත්වූ අතර එම විදුහලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරු මහත්ම මහත්මීන්ගේ ප්‍රශංසාවට ලක්වුනා.
ආගම් භේදයකින් තොරව එම විදුහලේ ඉගෙනුම ලබන සියලු දරුදැරියන් මෙම වැඩසටහනට සහභාගී වූ අතර එම දරුදැරියන් වෙනුවෙන් දෙමළ භාෂාවෙන් ලියවුන සදහම් ග්රන්ථ කට්ටලයක්ද පරිත්‍යාග කරන්නට යෙදුනා.