ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!

ඒ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු අග්‍රශ්‍රාවක යුගල වූ
සාරිපුත්ත මහරහතන් වහන්සේගේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේත් උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!

අප භාග්‍යවතුන් වහන්සේගේ ගෞතම බුදුසසුන ඒකාලෝක කොට වදාළ
දඹදිව් තලයේ වැඩසිටි අසූ මහාශ්‍රාවක රහතන් වහන්සේලාගේත් උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!

අප ආදිගුරුදේවෝත්තම දීපප්පසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේත්,
සිරිලක් ධරණී තලය සෝභමාන කොට වදාළ ලාංකීය මහරහතන් වහන්සේලාගේත් උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පරිශ්‍රයේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී
දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා ඔබේ ම සියැසින් බැහැදැක,
පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට, පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදා
ජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී ඇත.

මෙම “උත්තම ශ්‍රී ධාතු වන්දනා
මහා පුණ්‍ය මහෝත්සවය

අප්‍රේල් මස 01 වෙනි සිකුරාදා සිට 10 වෙනි ඉරු දින දක්වා
දිනපතා උදෑසන 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැවැත්වේ.

ඉතා දුක්ඛිත කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටින මේ අවස්ථාවේ
සැදැහැවත් ඔබ සුවඳ මල් රැගෙනවිත් පුදා, උතුම් ධාතූන් වහන්සේලා වන්දනා කොට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබාගනිත්වා!
සසර පුරා බොහෝ කල් සැප සදා දෙන, ධාතු වන්දනාවෙන් ලබන දුර්ලභ පුණ්‍ය සම්පත්තිය රැස්කර ගනිත්වා!

සැදැහැවතුන් උදෙසා ආහාර දන්සැල් මෙන්ම මල් දන්සැල් ද පැවැත්වේ.

විමසීම් – 076 8255 728

උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද අග්‍රශ්‍රාවක, අසූ මහාශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද
මිහිඳු මහරහත් ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන් ද සියලු ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ද
ඔබටත් අප මාතෘභූමියටත් මුළු මහත් ලෝකයටත් සියලු යහපත, සෙත ශාන්තිය සහ ආරක්ෂාව සැලසේවා!