
අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උදාවූ 2565 වෙනි වෙසක් පුන් පොහෝ දිනය මැයි මස 26 දින යෙදී තිබුනි. බුදුරජාණන් වහන්සේ ගේ උපත, ශ්‍රී සම්බුද්ධත්වය, පිරිනිවන් පෑම යන උතුම් තෙමඟුල සිහිකරන මේ වෙසක් පුන් පොහෝ දිනයේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ආමිෂ පූජාවන් සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදු කරන්නට යෙදුනි.
පවතින වසංගත තත්වය හේතුවෙන් සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව පවත්වන්නට යෙදුනු මෙවර වෙසක් මංගල්‍යයේ සීල භාවනා වැඩසටහන උදෑසන 8 සිට සවස 4 දක්වා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කරන්නට යෙදුනේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිටය.
බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඉදිවූ සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාව දර්ශණීය වෙසක් කූඩු වලින් මෙන්ම ධජ පතාකයන්ගෙන් සරසනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන ආමිෂ පූජාවක් ලෙසිනුයි. මෙලෙස වෙසක් කූඩු බෞද්ධ ධජ ඇතුළු නා නා විධ වෙසක් සැරසිලි වලින් අලංකාරවත් වූ මහමෙව්නාව භාවනා අසපුව සොඳුරු හුදෙකලා වෙසක් සිරියක් ගෙන තිබුනි. මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් මේ සියලු වෙසක් සැරසිලි මහමෙව්නාව භාවනා අසපුවේ පිළිවෙත් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහ පැවිදි අපේක්ෂක දරුවන්ගේ දෑතින් ම සිදුකිරීමයි. මෙසේ මේ වර්ෂයේ වෙසක් මංගල්‍යය ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාමය වශයෙන්, පින්බර අයුරින් පවත්වන්නට මහමෙව්නාව භාවනා අසපුවට හැකියාව ලැබුණා.
එමෙන්ම මෙම වෙසක් සමයේ, පවතින වසංගත තත්වය හේතුවෙන් තම නිවෙස්හී සිටින සැදැහැවතුන්ගේ සැදැහැ සිත් වඩවමින් සදහම් වැඩසටහන් රැසක් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය වන අතර ශද්ධා digital වෙසක් කළාපයට පිවිස වෙසක් තොරණ, පහන් කූඩු, බෞද්ධ චිත්‍රපට ආදිය නැරඹීමේ අවස්ථාව සළසා ඇත. එමෙන්ම මේ වෙසක් සමයේ පින්වත් ඔබගේ දහම් දැනුම, ශ්‍රද්ධාව දියුණු කරගැනීම පිණිස මහමෙව්නාව වෙබ් අඩවියට මෙන් ම සූත්‍ර පිටක වෙබ් අඩවියට පිවිස සදහම් ලිපි, සූත්‍ර දේශනා කියවිය හැකිය.
මේ සියලු අයුරින් අප විසින් රැස් කළාවූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! ඒ සියලු දෙවියෝ මේ ගෞතම බුදු සසුන චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා! මෙම අසිරිමත් වෙසක් මංගල්‍යය සාර්ථක කරගන්නට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත්, අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නාවේ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස මේ පින් හේතුවාසනා වේවා! සියල්ලෝ ම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
නමෝ බුද්ධාය!පරමෝත්තම ගෞරවනීය වන්දනීය පුණ්‍යවන්ත ගුරුදෙවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා! අපගේ අසිරිමත් සම්බුදු විරයානන්වහන්සේ ගේ උත්තම ශ්‍රී නාමයට පිදුණ පුණ්‍යවන්ත වෙසක් සැරසිලි පුද පුජාවන් සහිත සියලු පුන්යධර්මයෝ හදපිරි සතුටින් අනුමෝදන් වෙමි.සාදු..සාදු..සාදු…නමෝ බුද්ධාය!
Namo Buddhaya!!!!
Sadhu Sadhu Sadhu!!!!
Sathutu Sithin Daka Bala Siyalu pin Anumodan wennemu.
Apatada haki uparimayen uthum ashtangika uposathya rakiya karana gaman wuwada Samadan we
Sadaham Srawanaya Karamin
Wesak Dinaya pahankudu Saha Pahan Dalwa uthum Amisa Prathipaththi pujawan kara pin Ras kalemu.
E pin Pinwath Loku Swamin wahanse ahtulu Sanga Ruwanata Dewiyanta Anumodan kalemu.
Rate pawathina thathwaya matha Theruwane Rakawaranaya Misa wena rakawaranayak Natha.
Ledaroga adiyen Siyalu Niduk Nirogi bawayen suwase Daham pathuruwa apramadiwa Sasara gamana Niwagannata me siyalu pin Gangawata ekwe uthum Niwan Magata piwisennatama hethu wewa!!!
Theruwan Saranai!!!!