අද ශ්‍රී බුද්ධ වර්ෂ

ක් වූ

මස

දහම් දිනපොතට…

“පින්වත් මහණෙනි, දෙකක් හේතු කරගෙනයි විඤ්ඤාණය හටගන්නේ. පින්වත් මහණෙනි, දෙකක් හේතු කරගෙන විඤ්ඤාණය හටගන්නේ කොහොමද? ඇසත් රූපත් නිසා ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඇස අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. රූප අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. ඔය විදිහට මේ දෙක ම සැලෙනවා. වැනසෙනවා. අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඇසේ විඤ්ඤාණය හටගැනීම පිණිස යමක් හේතු වුණා ද, යමක් ප්‍රත්‍ය වුණා ද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. පින්වත් මහණෙනි, අනිත්‍ය වූ හේතූන්ගෙන් උපන් ඇසේ විඤ්ඤාණය කොහොම නම් නිත්‍ය වන්ටද?

පින්වත් මහණෙනි, (ඇසත්, රූපත්, ඇසේ විඤ්ඤාණයත් යන) මේ කරුණු තුනේ යම් එකතුවක්, එක්රැස් වීමක්, එකට එක් වීමක් ඇත්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි ඇසේ ස්පර්ශය කියලා කියන්නේ. ඇසේ ස්පර්ශයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. ඇසේ ස්පර්ශය හටගැනීම පිණිස යමක් හේතු වුණා ද, යමක් ප්‍රත්‍ය වුණා ද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. පින්වත් මහණෙනි, අනිත්‍ය වූ හේතූන්ගෙන් උපන් ඇසේ ස්පර්ශය කොහොම නම් නිත්‍ය වන්ටද? පින්වත් මහණෙනි, ස්පර්ශය ඇති වුණාම තමයි විඳින්නේ. ස්පර්ශය ඇති වුණාම තමයි හඳුනාගන්නේ. ස්පර්ශය ඇති වුණාම තමයි චේතනා පහළ කරන්නේ. ඔය විදිහට මේ දේවලුත් සැලෙනවා. වැනසෙනවා. අනිත්‍යයි, වෙනස් වෙනවා, වෙනත් ස්වභාවයකට පත් වෙනවා. …………..”

(උපුටා ගැනීම: දුතිය ද්වය සූත්‍රය – සංයුත්ත නිකාය 4)

නවතම පුවත්

  • Kathina Pinkama Mahamevnawa

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025

October 13th, 2025|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 12 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි. මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ....

  • Galle Mahamevnawa Dharmashala Puja

ගාල්ල මහමෙව්නාවේ අභිනව දම්සභා මණ්ඩපය බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය

July 13th, 2025|

ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපු භූමියේ ඉදිවූ අභිනව දම්සභා මණ්ඩපය ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය සුපින්බර පොසොන් පුන් පොහොය දින අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්

  • Donation To Myanmar From Mahamevnawa

මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්.

June 30th, 2025|

මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.

සති භාවනා වැඩසටහන්

Meditation Program Male

උපාසක සති භාවනා වැඩසටහන

උපාසිකා සති භාවනා වැඩසටහන

සදහම් ලිපි

මහමෙව්නාව අනගාරිකා අසපුව මගින් මෙහෙයවන සති භාවනා වැඩසටහන

සිත නිවන බුදුබණ

Mahamegha Epaper
Lakviru fm live streaming
Shraddha tv live streaming

සතර පොහොය දිනයන්