අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහනය

න්දියාවේ බුද්ධග්‍යාන් ආශ්‍රම් අසපු ශාඛාවෙහි වැඩසිටි අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු අද දින සවස 4 ට පමණ බුද්ධගයාවේ නේරංජරා ගඟ අසබඩ දී සිදුකෙරුනා. අවුරුදු අටක් පුරා බොහෝ දුෂ්කරතා මැද ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳ දරාගනිමින් අපමණ කරුණා මෛත්‍රියකින් යුතුව බුද්ධගයා ගමෙහි සිටින අහිංසක අසරණ දුප්පත් ජනතාවට ආමිසයෙනුත් ධර්මයෙනුත් අනුග්‍රහ කළ උන්වහන්සේගේ අපවත් වීම ඔවුන්ටත් ලක්වැසි අපටත් මහත් ශෝකජනක සිදුවීමක් වුනා. උන්වහන්සේගේ දේහය ලංකාවට නොවැඩමවා ඉන්දියාවේ ම ආදාහන කටයුතු සිදුකරනු ලැබුවේ උන්වහන්සේගේම ඉල්ලීමකට අනුවයි. උන්වහන්සේට පින් පිණිස අද දින උදෑසන සහ දහවල් සංඝගත දක්ෂිණාවන් ද පැමිණ සිටි සියලු ගිහි පින්වතුන්ට ආහාරපාන සංග්‍රහයන්ද සිදුකෙරුනා.

එමෙන්ම අපවත් වී වදාළ හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් ඤාති හිතමිත්‍රාදීන් ගේ සහභාගීත්වයෙන් අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සියක් නමකට අධික වූ මහ සඟරුවන උදෙසා දන්පැන් පූජා කොට පින්අනුමෝදන් කිරීමද සිදුකෙරුනා. ඒ වගේම අද සවස බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අසළදී පවත්වන ලද විශේෂ පූජාවෙන් පසුවද මේ දින කිහිපය පුරා රැස්කළ පින් අපවත් වී වදාළ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට අනුමෝදන් කළා. අපවත් වී වදාළ අපගේ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මණින් මේ සියලු සසර දුක් කෙළවර කොට අමාමහ නිවන් සුව අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා!

පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාව ජූලි මස 24 වන සිකුරාදා සවස 7.00 ට කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ අසපුවේදී පැවැත්වෙන අතර උන්වහන්සේට පින් පිණිස සිදුකරන මහා සංඝගත දක්ෂිණාව ජූලි මස 25 වන සෙනසුරාදා උදෑසන 10.00 ට මාලබේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේදී සිදුකෙරේ.

සොඳුරු කුසලින් පිරිපුන්මගේ බුදු පුතුනි,ඔවදනට හිස නමා දහමට සිත නමාඅප භගවත් මුනිඳුගේ බුදු සසුනඑළිය කරන්නට පහනක් වූ ඔබ…

Posted by Mahamevnawa Monastery on Sunday, July 19, 2015

ඉන්දියාවේ බුද්ධග්‍යාන් ආශ්‍රම් අසපු ශාඛාවෙහි වැඩසිටි අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහන…

Posted by Mahamevnawa Monastery on Sunday, July 19, 2015