පගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස තනවන ලද සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ මෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ලබන මොහොතේ සෙවණ සළසාලූ සිරි ගෞතම බෝධීන් වහන්සේ විරාජමානව වැඩසිටින සිරි ගෞතම බෝධි මණ්ඩපයේ තීන්ත ආලේප කිරීමේ මූලික කටයුතු අද දින (පෙබ. 22) අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් උතුම් තෙරුවනේ ආශිර්වාදය සළසාගැනීම පිණිස පවත්වන්නට යෙදුනු සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව ආරම්භ කරන්නට යෙදුනි.

මෙම උතුම් පුණ්‍යකර්මය සියලුදෙනා සතුටින් අනුමෝදන් වෙත්වා…!

මෙම උතුම් ප්‍රසාදනීය පුණ්‍යකර්මය වෙනුවෙන් ඔබත් කිසියම් කොටසක් භාරගෙන මේ පිංකමෙහි කොටස්කරුවෙකු වීමේ දුර්ලභ වාසනාව උදාකර ගන්න.