Home-test-new2021-08-21T14:47:09+05:30
අද ශ්‍රී බුද්ධ වර්ෂ
ක් වූ
මස
සරල සිංහල සූත්‍ර පිටකය
“මහානාම, ආර්ය ශ්‍රාවකයා දියුණු කරපු ප්‍රඥාවෙන්, යථාර්ථය දැක්කත්, මේ කාමයන්ගේ ආශ්වාදය චුට්ටයි කියල. මේ කාමයන් නිසා විඳින දුක් කම්කටොළු, පසුතැවිලි ගොඩක් තියෙනවා කියල. නමුත් ඒ ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන් වී තිබෙන අකුසල ධර්මයන්ගෙන් වෙන් වී තිබෙන, ප්‍රීතිසැපයක් සාක්ෂාත් කළේ නැත්නම්, ඊට ඉහළ ශාන්ත සමාධියක්වත් සාක්ෂාත් කළේ නැත්නම්, ඒ තැනැත්තා ඒ තාක් ම ඉන්නෙ කාමයන්ට නොවැටෙන කෙනෙක් හැටියට නොවෙයි.

මහානාම, යම් දවසක ආර්ය ශ්‍රාවකයා දියුණු කරපු ප්‍රඥාවෙන් අවබෝධ කළොත් මේ කාමයේ තියෙන ආශ්වාදය නම් චුට්ටයි. නමුත් දුක් කම්කටොළු පීඩා ගොඩාක් තියෙනවා කියල. ඒ වගේම ඒ ආර්ය ශ්‍රාවකයා කාමයෙන් වෙන් වුන, අකුසලයෙන් වෙන් වුන ප්‍රීති සැපයකුත් සාක්ෂාත් කළොත්, ඊට වඩා ශාන්ත සමාධියක් හරි සාක්ෂාත් කළොත්, එතකොට නම් ඒ කෙනා කාමයන්ට වැටෙන්නෙ නෑ.”

(චූළ දුක්ඛක්ඛන්ධ සූත්‍රය – මජ්ඣිම නිකාය 1)

සරල සිංහල සූත්‍ර පිටකය

පුවත් සහ ඡායාරූප

  • Donation To Myanmar From Mahamevnawa

මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්.

June 30th, 2025|

මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.

  • Sri Angulimala Maha Se Vihara Puja

ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!

May 17th, 2025|

ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින (ව්‍යවහාර වර්ෂ 2025/05/12) ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමගින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව චංචල නිශ්චල දේපල සහිතව ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!

  • Budu Pasebudu Arahanthaka Maha Viharaya

බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය

April 17th, 2025|

මාළඹේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදි වූ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය 2025 අප්‍රේල් මස 12 වන දා බක් පුන් පොහෝ දා, ගරුතර මහා සංඝ රත්නයේ සහ නොයෙක් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ, දෙව් මිනිසුන්ගේ වන්දනාමාන පිණිස ගෞතම බුදු සසුනට පූජා විණි.

ධර්ම දේශනා (වීඩියෝ)

ධර්ම දේශනා (හඬපට)

නවතම ලිපි

අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණයට දායක වූ සැමට පුණ්‍යානුමෝදනා!

News, නවතම පුවත්|

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මංගල ශිලා පිහිටුවා ආරම්භ කොට පස් වසරක් පුරා දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නොමසුරු දායකත්වයෙන් පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා උදෙසා ඉදිවූ කුටි 60, ගිලන් කුටි 4, සදහම් ශ්‍රවණාගාරය, පුස්තකාලය සහ භාවනා ශාලාවකින් සමන්විත වූ...

යොවුන් දහම් සක්මන – 2025

News, නවතම පුවත්|

හැඟීම්බර, සංවේදී සහ ආවේගශීලී තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන’ සදහම් වැඩසටහන 2025 පෙබරවාරි 15 වැනි දින 15000කට අධික තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව....

සේරුවිල නාහිමියෝ පුරාවිද්‍යාවට රන් සම්මාන ලබති

News, නවතම පුවත්|

කැලණිය විශ්ව විද්‍යාලයේ 147 වන උපාධි ප්‍රදානෝත්වයේ දී පුරාවිද්‍යා විෂයයන් සඳහා පිරිනැමුනු ස්වර්ණ මුද්‍රිකා (Gold Medals) පහම සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමිපාණන් වහන්සේ විසින් දිනාගනු ලැබුවා.

සිත නිවන බුදුබණ

Shraddha tv live streaming
Lakviru fm live streaming
Mahamegha Epaper

නවතම ධර්ම දේශනා, සදහම් ලිපි, සහ විශේෂ පුවත් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අපගේ youtube චැනලය subscribe කරන්න. Facebook පිටුව follow කරන්න

සතර පොහොය දිනයන්

මහාමේඝ ධර්මයාත්‍රා

මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කෙරෙන දඹදිව පුණ්‍යභූමි වන්දනා චාරිකාව

Go to Top