අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළේ මින් වසර 2279 කට පෙර උදා වූ වප් මාසයේ පුරඅටවක පොහොය දිනක යි. එදින් පටන් වප් මාසයේ පුරඅටවක පොහොය “ශ්‍රී මිහිඳු පුරඅටවක” නමින් හැඳින්වුනා. මෙම වර්ෂයේ වප් පුරඅටවක යෙදුනු ඔක්තෝබර් මස 05 වන දින අපගේ ලක් දෙරණට ගෞතම සම්බුදු සසුන දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සිහි කොට මහ මිහිඳු කෘතගුණ පූජා නමින් මහා පුණ්‍ය මංගල්‍යයක් මිහින්තලා පුදබිමේදී පැවැත්වුනා. ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ සහ දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මහත් හරසරින් පුද දෙමින් පැවැත්වූ මහා වන්දනාව, ගුවන් ගැබෙන් ඇදහැලුණු මහා පිච්ච මල් වරුසාවත්, සුවඳ දුම් පූජා සහ අනේකවිධ පූජෝපහාරයන් එහිදී පැවැත්වුනා. මිහින්තලා රාජමහා විහාරාධිපති අතිපූජනීය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේත්, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේත්, මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේත් මෙහෙයවීමෙන් මෙම අසිරිමත් පින්කම සිදුවුනා.

මේ මහා කෘතගුණ පූජාවෙන් රැස් වූ සියලු පින් සියලු දෙව් බඹුන්ටත්, සුසිල්වත් මහසඟරුවනටත්, අනගාරිකා මෑණිවරුන්ටත්, නන් අයුරින් උපකාර කළ දෙස් විදෙස් හි වෙසෙනා සියලුම පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් මේ ගෞතම බුදුසසුන තුළදී ම උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතු වාසනා වේවා!

මිහින්තලේ සේල චෛත්‍යරාජයාණන් වහන්සේට කොත් වහන්සේ නමක් පැළඳවීමේ පින්කමේ ඡායාරූප එකතුව >>