ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරයෙහි වැඩසිටි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ සිට නැවත මිහින්තලේ රාජමහා විහාරය දක්වා රිය පෙරහැරින් වඩමවන අතරතුර 2019-10-02 දින රාත්‍රියෙහි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවෙහි වඩාහිඳුවා අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියක් නමකට අධික වූ ගෞරවනීය මහසඟරුවනේ සහ පන්දහසකට අධික වූ සැදැහැවත් ජනයාගේ සහභාගීත්වයෙන් දොළොස් පැයක් පුරා ජීවමාන මිහිඳු මහරහතන් වහන්සේ මෙම පින්බිමට වැඩියා සේ සලකා නානාවිධ පුද පූජාවන් පැවැත්වූ අයුරු.

සියල්ලෝ මේ අසිරිමත් පින්කම දැකබලා පහන් සිතින් අනුමෝදන් වෙත්වා!