‘‘යමෙක් මට උපස්ථාන කරන්නේ නම්, හෙතෙම ගිලනුන්ට උපස්ථාන කරන්නේය.” (භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ)

ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි ආහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 සැප්තැම්බර් මස 23 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය දරනු ලැබුවේ පින්වත් චම්පානි ගුණසේන මහත්මිය ඇතුලු පිරිස විසිනි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3500ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ සියලු ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා…

මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය.

විමසීම් – 071 437 1522

විද්‍යුත් ලිපිනය – info@shraddha.lk