‘‘යමෙක් මට උපස්ථාන කරන්නේ නම්, හෙතෙම ගිලනුන්ට උපස්ථාන කරන්නේය.” (භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ)

2019-09-12 දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පැවැත්විණි. මෙම පින්කම උදෙසා දායකත්වය දැක්වූ පින්වත් සරත් සිල්වා මහත්මාට ද, මෙම පින්කමට ස්වේච්ඡාවෙන් උදව් උපකාර කළ ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ට ද, මෙල්බර්න් නුවර මහමෙව්නාව අසපුවේ උපස්ථාන කමිටුවේ සහ තාවතිංස යාත‍්‍රා සංවිධානයේ සියලු දෙනාට ද, දායකත්වය දරන පින්වතුන් නමින් මිය ගිය චාල්ස් සිල්වා පියාණන්ට ද, පි‍්‍රන්සි සිල්වා මෑණියන්ට ද, මේ පින් අනුමෝදන් වෙත්වා!!! මෙම උපකරණ රේගුවෙන් නිදහස් කරගැනීමට උදව් උපකාර කළ ඖෂධ නියාමන අධිකාරියේ සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තුමේන්තුවේ සියලු රාජ්‍ය නිළධාරීන්ට ද, සොඳුරු සිහිනයක උරුමයක සංවිධානයේ පින්වතුන්ට ද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!!! මෙම පින්කම සංවිධානය කිරීමට උපකාර කළ කඩුවෙල හේවාගම බෝධිඤාණ අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලු දෙනාට ද යොවුන් සභාවේ සියලු පින්වතුන් ට ද ශ‍්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන මාසික ධර්මදාන දායක පින්වතුන්ට ද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!