March 2017
ශාක්‍ය වංශයේ සිංහරජාණෙනි වන්දේ
පින්වත් මුනිඳුනි, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නෙ. අලුතින් ගෙඩි හටගන්ට ළඟයි. අතු අග පිපිල තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. ඒ ගස් බබලනවා ගිනි සිළුව වගේ. මහා වීර මුනිඳාණෙනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා! ඒ ගස්වල ලස්සන මල් පිපිලා හැම පැත්තටම සුවඳ හමනවා. දැන් ඒ ගස්, කොළ අත්හැරියා. ඔය සූදානමින් ඉන්නෙ ගෙඩි පිළිගන්ට. මහාවීර මුනිඳුනි, දැන් ඉතින් අපට පිටත්වෙන්න කල් පැමිණිලා!
February 2017
අවබෝධයේ සහ උගත්කමේ වෙනස
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 24 අවබෝධයේ සහ උගත්කමේ වෙනස සිහිපත් කළොත් සිහි කළ පමණින් සුගතිය හිමි, මහා සම්බුද්ධ බලය ඔබගේ ජීවිතයට නියත ලෙස සැප උදාකරනු ඇත. ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීම සඳහා පූජ්‍ය [...]
6-1. රාධ තෙරුන්ගේ කථා වස්තුව
ගුරුවරුන් අවවාද කරන්නෙත් යහපතටමයි. ගුරුවරු නොදන්නා දේ කියලා දෙනවා. නොදන්නා උදවිය හඳුන්වා දෙනවා. සමාජයේ ඉහළට යන්න අත දෙනවා. ඒ ගුරුවරු ශිෂ්‍යයන් හට තරවටු කළොත්, අවවාද කළොත්, සත්පුරුෂ ශිෂ්‍යයන් ඒකාන්තයෙන් ඒ අවවාදයට අනුව හික්මෙනවා. ඒ තුළින් ඒ ශිෂ්‍යයන් හට යහපතක් මිස අයහපතක් නම් වෙන්නෙ නෑ.
තාරුණ්‍යයයේ දියුණුව පවතින්නේ සත්පුරුෂයා මත ම ය
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 23 තාරුණ්‍යයයේ දියුණුව පවතින්නේ සත්පුරුෂයා මත ම ය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසා දැනගන්නට අප යන විට, එම විහාරස්ථානයේ වැඩ සිටින තරුණ ස්වාමීන් වහන්සේලා මනා ඉන්ද්‍රිය [...]
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 9
එදා රෑ තෙරුවන් වන්දනාවෙන් පස්සෙ මට ආච්චිගෙන් එක් කාරණාවක් දැන ගන්ට ඕනෑ වුනා. ඉතින් මං ආච්චි ළඟට ගිහින් වාඩි වුනා. “ඇයි පුතේ.... මොකාක් හරි දැනගන්ට ඕනෑ උනාද?” “හා... ආච්චි දන්නවා එහෙනම් මං ආවේ ඇයි කියල? [...]
වත්මන් තාරුණ්‍යයට ඇති අනතුරු
අධික ලෞකිකත්වයට නැඹුරු වීම තුළ ඒ රටවල තරුණ සමාජය දේශපාලනයට යන එක, ආගමික ජාතික වටිනාකම් සඳහා පෙළ ගැසෙන එක නැවතෙයි කියලා ඒ බටහිර ජාතීන් හිතනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය ඒක. අධික කාම සේවනයට, විකෘති කාමයට, විකෘති රාගයට මේ තරුණ පිරිස් පොළඹවනවා.






