Blog

Blog2016-11-08T10:09:37+05:30

January 2017

නින්දෙන් පිබිදුණා සේ මරණින් මතු දෙව් ලොව ඉපදීමට මෙන්න මඟ…

By |January 14th, 2017|Categories: Divaina Articles|

අද අපි ඉගෙන ගන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු දියුණු කළ යුතු තවත් භාවනාවක් වන දේවතානුස්සති භාවනාව යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත්, මිනිසුන්ටත් නිවන් මග පෙන්වා දෙන එක ම ශාස්තෘන් වහන්සේ නිසා “සත්ථා දේවමනුස්සානං” කියා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්ම මාර්ගය දියුණු කළ මග ඵල ලාභී දෙවිවරු චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්තිය යන කාම දිව්‍ය ලෝක හයේත් සිටිනවා. ඒ වගේ ම බ්‍රහ්මකායික දෙවිවරුන් බ්‍රහ්ම පාරිසජ්ජ බඹලොව පටන් අකනිට්ඨා බඹලොව දක්වා වැඩ සිටිනවා.

කරදර අපල වැස්සේ නොතෙමී ඉන්න දහම් කුඩයක් මෙන්න

By |January 10th, 2017|Categories: Divaina Articles|

කරදර අපල වැස්සේ නොතෙමී ඉන්න දහම් කුඩයක් මෙන්න නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 17 බොහෝ දෙනා තිසරණය පිළිබඳව දන්නේ නැහැ. නිතරම පන්සිල් ගත්තාට එහි වැදගත්කම දන්නේ නැහැ. කාලිංග මාඝගේ සිට ආපු විදේශ ආක්‍රමණ [...]

December 2016

සළු සොරකමෙන් විඳි අපා දුක තිසරණයේ බලයෙන් දුරු වූ අයුරු

By |December 27th, 2016|Categories: Divaina Articles|

බොරුකීමෙන් මනුෂ්‍යයකුට කිසිම ලාභයක් නැහැ. ඒක ලාභයක් විදිහට පෙනෙන්නේ අධාර්මික පරිසරයක ජීවත්වන උදවියට.

018. මතකභත්ත ජාතකය

By |December 24th, 2016|Categories: 02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

බ්‍රාහ්මණය.... මට මගේ පෙර ආත්මේ මතක් වුනා. මාත් පෙර ආත්මේ ඔහේ වගේම හොඳට වේදය ඉගෙන ගත්තු බ්‍රාහ්මණයෙක්. මාත් මතකබතක් දෙන්න ඕනා කියලා එළුවෙක් මැරුවා. දානෙත් දුන්නා. ඒ එක එළුවෙකු මරාපු පවෙන් හාරසිය අනූනව ආත්මයක් ම හිස ගැසුම් කෑවා. මේ පන්සිය වෙනි ආත්මේ. මේ ආත්මෙන් මගේ ඒ පාපෙ ඉවරයි. ඒ දුකින් මං නිදහස් වෙනවා නේද කියල සිතුනාම මට සන්තෝෂෙට හිනා ගියා

ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්‌

By |December 18th, 2016|Categories: Divaina Articles|

අව්වේ, වැස්‌සේ සිට සියල්ල ප්‍රශ්න කරගත් සමාජයක ජීවත් වන අපේ ජාතියේ සදාතනික උරුමය බවට පත්ව ඇත්තේ නිමක්‌ නොවන ප්‍රශ්නයන්ය. එවන් සමාජයකට ළඟ විසඳුම් මිස දුර දැක්‌මකින් යන ගමනක්‌ නැත. අවසානයේදී එය ජාතියේ ඉරණම"දුර නොබලන, ළඟ බලන සමාජයක්‌ කරා..." තල්ලුකිරීමට සමත් වී තිබේ.

Comments Off on ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්‌

ලෝකය ජයගන්න නිහතමානී වන්න

By |December 12th, 2016|Categories: Divaina Articles|

අසත්පුරුෂයා අවවාදයට කැමැති නෑ. නමුත් සත්පුරුෂයා අවවාදයට කැමැතියි. එහෙම කිව්වා විතරයි මෙයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණා ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට සමාවෙන සේක්වා...! මට ඒ අර්හත් මාර්ගය පෙන්වා දෙන සේක්වා...!’ කියලා කිව්වා. අන්න සත්පුරුෂයා. එහෙම නම් සත්පුරුෂයාගේ එක ලක්ෂණයක් තමයි නිහතමානීකම. සත්පුරුෂයෙක් වෙන්න ගොඩක් උපකාර වෙන්නේ මේ සත්පුරුෂ ධර්ම ඉගෙන ගැනීම. සත්පුරුෂ ධර්ම ඉගෙනගෙන සත්පුරුෂයෙක් බවට පත්වෙන ගතිගුණ පුරුදු පුහුණු කිරීමෙන්.

Comments Off on ලෝකය ජයගන්න නිහතමානී වන්න
Go to Top