Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2016

ජාතියේ දියුණුවටත් ඔබේ දියුණුවටත් රුවන්වැලි සෑය බලවේගයක් කරගන්න

By |October 30th, 2016|Categories: Divaina Articles|

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙහෙර විහාර හදමින්, ත්‍රිපිටකය කටපාඩම් කරගනිමින්, දළදා වහන්සේට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ආවතේව කරමින් ආරක්ෂා කර ගත්තේ, මේ ජාතිය යි. ඒ තමයි සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය. අපි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පිදූ ජාතියක්. ඒ තමයි මේ ජාතියේ විශිෂ්ටත්වය. සිංහල ජාතිය වඳ වුණොත් එහි හානිය මානව වර්ගයාට ම යි. මේ නිසා හැම පැත්තෙන් ම මේ ජාතිය රැකගැනීම අපේ වගකීම යි.

Comments Off on ජාතියේ දියුණුවටත් ඔබේ දියුණුවටත් රුවන්වැලි සෑය බලවේගයක් කරගන්න

මේ ජාතිය නැගිටින්නේ ඉතිහාසය මතමයි

By |October 28th, 2016|Categories: Divaina Articles|

යුද්ධය පිළිබද ශිෂ්ට නීති පසෙකලූ ඔවුහු මේ පළාත්වාසීන් කීකරු කිරීමේ අවසාන ප්‍රයත්නය වශයෙන් අටළොස් විය ඉක්ම වූ හැම පිරිමියෙක් ම මරා දැමීය. හැම ගෙයක් ම දවා අළු කරන ලෙස ද හැම ගසක් ම කපා බිම හෙලන ලෙස ද කුඹුරු පාළු කරන ලෙස ද ඉඩකඩම් රාජසන්තක කරන ලෙස ද නියෝග කරන ලදී. මේ නියෝග අකුරට ම ක්‍රියාත්මක කරන ලදී. සේනාපති රොබට් බ්‍රවුන්රිග් පෙරදිග ප්‍රබලතම සටනින් ජයග්‍රහණය කළේ ඔය ආකාරයටය.” මේ අය තමයි අපිට අද මානව හිමිකම් ගැන උගන්වන්න එන්නේ…

Comments Off on මේ ජාතිය නැගිටින්නේ ඉතිහාසය මතමයි

මේ රටේ හැම කෙනෙක්ම මහාවංශය අතට ගත යුතුයි

By |October 28th, 2016|Categories: Divaina Articles|

එතකොට යුරෝපීය ජාතිකයන් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොට තිබෙන්නේ කුමටද? සිංහල රාජවංශය නැති කිරීමට යි. බුදු සසුන නැති කිරීමට යි. ඔවුන් දිගින් දිගට ම තමන්ගේ උපායික මාර්ගයන් සිංහලයන් ලවා ම ක්‍රියාත්මක කොට දැන් ජාතියක් ලෙස අපි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. අපේ රටේ සරසවි අධ්‍යාපනය තුළ සිදුකරන්නේ පවතින සම්ප්‍රදායට අභියෝග කිරීමයි. ඒ අය හිතන්නේ, එය තම විචාර බුද්ධියේ වර්ධනීය අවස්ථාවක් බවයි.

Comments Off on මේ රටේ හැම කෙනෙක්ම මහාවංශය අතට ගත යුතුයි

017. මාලුත ජාතකය

By |October 27th, 2016|Categories: 02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“මහණෙනි, ඒක මෙහෙමයි වුනේ. ඈත අතීතේ එක්තරා පර්වතයක් පාමුල සිංහයෙකුයි කොටියෙකුයි වාසය කළා. දෙන්නා හොඳ යාළුවෝ. එකම ගල්ලෙනේ වාසය කළේ. ඒ කාලේ බෝධිසත්වයෝත් ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ඒ පර්වතේ පාමුල ම වාසය කළා. දවසක් ඔය සිංහයයි කොටියයි අතර වාදයක් හටගත්තා."

5-16. වනවාසික තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

By |October 21st, 2016|Categories: 05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

නෑදෑයන්ගෙන් වෙන් වෙලා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් වෙන් වෙලා, ක්‍රම ක්‍රමයෙන් ඈතටම ගියා. අන්තිමේදී පොඩි නම සැවැත් නුවර සිට යොදුන් දෙසීයක් දුර වනාන්තරයකයි නැවතුණේ. එතකොට පොඩිනමට තවත් නමක් පට බැඳුණා. ඒ තමයි ‘වනවාසික තිස්ස’ යන නම. දායක පිරිස් පොඩිනමට හරි ආදරෙයි. හැබැයි කවුරු වැන්දත්, කවුරු උපස්ථාන කළත්, පොඩිනම සෙත් පතන්නේ වචන දෙකකින්. ‘සුවපත් වේවා! දුකින් මිදේවා!’ කියල විතරයි.

016. තිපල්ලත්ථමිග ජාතකය

By |October 15th, 2016|Categories: 02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඉතින් ඒ මුව පැටියත් පා සතරේ කුරවලින් හොඳ හැටියට පොළොව පහුරු ගැහැව්වා. එක පැත්තකට පා සතරම දමාගත්තා. දිව ඉදිරියට නෙරා ගත්තා. මල මූත්‍රා පහකරගත්තා. හුස්ම ඉහලට අරගෙන තදකොට බඩ පුම්බා ගත්තා. කටින් කෙළ වැගිරෙව්වා. කෙළත් මලමූත්‍රාත් වැගිරුන නිසා නිල මැස්සන් පිරුනා. කපුටොත් ටික ටික වට වෙවී හිටියා.

Go to Top