April 2016
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 2
ඉතින් මයෙ පුතේ.... බෝධීන් වහන්සේට උපස්ථාන කිරීම ඒ කාලේ රජ දරුවන් වගේම තෙරුවන් සරණ ගිය සාමාන්‍ය උදවියත් හරි විදිහට කළා. ඒ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ඇප උපස්ථාන කරනවා වගේ බෝධීන් වහන්සේට උපස්ථාන කළා. ඒ කාලේ දැන් වගේ නයි කපුටෝ ඇඳලා කොඩි නම් එල්ලුවේ නෑ. හරි විදිහට බෝධි පූජාවක් කළොත් ගොඩාක් පින් රැස්කරගන්ට පුළුවනි මයෙ පුතේ....
011. ලක්ඛණමිග ජාතකය
අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම හසුවෙනවා. සත්පුරුෂයෝ කියලා හිතාගෙන අසත්පුරුෂයන්ට හසුවෙනවා. තමාත් දන්නෙම නැතුව අනුන් විසින් මෙහෙයවන බළල් අත් බවට පත්වෙනවා. එබඳු දෙයක් වුනොත් සෑහෙන්න පව් රැස්වෙනවා. කරදරේ වැටෙනවා. එබඳු වූ මහා විපතකට ලක්වෙන්න ගිය පිරිසක් බේරාගත් ප්‍රවෘත්තියකුයි මේ කථාවට පසුබිම් වුනේ. ඒ කතාව සිදුවුනේ මෙහෙමයි.
සේරුවිල විල්ගම්වෙහෙර ධාතු නිධාන පුණ්‍යමහෝත්සවය සහ මහපෙරහැර – වීඩියෝ දර්ශන
විල්ගම්වෙහෙර මහාසෑ වන්දනාව විල්ගම්වෙහෙර මහාසෑ වර්ණනාව ධාතූන් වහන්සේලා වැඩමවීමේ මහ පෙරහැර -2 ධාතූන් වහන්සේලා වැඩමවීමේ මහ පෙරහැර -1
March 2016
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 1
එතකොට දරුවනේ, දුටුගැමුණු මහ රජ්ජුරුවෝ රුවන්මැලි මහසෑය දෙස බලාගෙන ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සිහිකොට භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ මෙනෙහි කරමින් ඒ හාන්සි වූ ඉරියව්වෙන්ම වන්දනා කරගෙන හිටියා. ටිකෙන් ටික දෑස් පියවුනා. මියගියා. නිදා පිබිදියා වගේ තුසිතභවනයෙන් ආ දිව්‍ය රථයෙහි ඕපපාතිකව උපන්නා. මහා අලංකාර දිව්‍ය රාජයෙක්. ගැල් හැටක් පුරවන්න පුළුවන් තරමේ ආභරණ පැළඳ සිටියා. මහජනයා සාදුකාර දුන්නා. ඒ හැමෝට ම පේනවා. එතකොට ඒ දේවතාවා හැමෝටම පෙනෙන්ට මහාසෑය තුන් විටක් පැදකුණු කළා. ස්වාමීන් වහන්සේලාට වන්දනා කළා. තම මල්ලී වන තිස්ස කුමාරයාත් මහජනයාත් වන්දනා කරගෙන සතුටු කඳුළු වගුරුවමින් බලා සිටිද්දී අපේ දුටුගැමුණු දිව්‍ය පුත්‍රයාව දිව්‍ය සේනාව පිරිවරාගත්තා. එතැන ම නොපෙනී ගියා.
ලෝකයෙහි මැනැවින් දෙසූ දහම
ඒ දිනවල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඩවාසය කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා ආජීවකශ්‍රාවක වූ එක්තරා ගෘහපතියෙක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආජීවශ්‍රාවක වූ ගෘහපතියා ආයුෂ්මත් ආනන්ද [...]
5-10. උප්පලවණ්ණා තෙරණියගේ කථා වස්තුව
“කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ” පින්වතුනේ, පින්වත් දරුවනේ, රාගය කියන්නේ හරි භයානක දෙයක්. රාගයෙන් හිත ඇවිස්සුණාම හොඳ නරක මොකුත් තේරෙන්නේ නෑ. වැරැද්ද නිවැරැද්ද තේරෙන්නේ නෑ. යහපත [...]





