January 2016
5-8. එක්තරා ගොවියෙකුගේ කථා වස්තුව
රාජපුරුෂයන් අර ගොවියාගේ දෑත් පිටුපසට කොට බැන්දා. කසෙන් තල තලා ඇදගෙන ගියා. රජ්ජුරුවන්ට අර ගොවියාව පෙන්නුවා. රාජ පුරුෂයෝ දැනුම් දුන්නේ හොරාව අල්ලගත්තා කියලයි. හොරාට දඬුවම් නියම වුණා. කසයෙන් තල තල හිස ගසන තැනට අරගෙන ගියා. පාර දෙපැත්තේ සෙනඟ හොරා බලන්න රැස්වුණා. එතකොට මේ අහිංසක ගොවියාට කරකියාගන්න දෙයක් නෑ.
December 2015
5-7. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කථා වස්තුව
“හා... හා.... එතකොට නුඹද ශක‍්‍රයා. අනේ අවාසනාවන්ත ශක‍්‍රයෝ.... නුඹට ලැජ්ජා නැද්ද? මං වගේ කෙනෙක් සමඟ ඔය විදිහේ ගණුදෙනුවක් කතා කරන්න. නුඹ හිතාන ඉන්නේ මගෙ අතේ තඹ දොයිතුවක් නැතිවුණු පළියට මං දිළින්දෙක් කියලද? එ්යි ශක‍්‍රයා නුඹ දන්නෙ නෑ මට තියෙනවා එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. එ් වගේම මට තියෙනවා එ් අමා නිවන ලබා දෙන ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. එ් වගේම මට තියෙනවා ආර්ය ශ‍්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. "
මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ?
ක්ෂණය යනු මොහොතකි. එ් මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, ඔහුට එ් මොහොත ක්ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භාවයන්ගේ [...]
5-6. තිහක් පමණ භික්ෂූන් ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕනද? හැමෝටම ප‍්‍රඥාවන්ත වෙන්න බැහැ නෙව. බුදුරජාණන් වහන්සේගේ කාලෙ වුණත් එහෙම තමයි. ප‍්‍රඥාවන්ත පිරිස ඉන්නේ ටිකයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැසත් උරුවෙලත් [...]
සිත පහදවා ගැනීම
එදා ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ‍්‍රහ්මරාජයෙකුගේ ලීලාවෙන් සැවැත් නුවර නගර ප‍්‍රදක්ෂිණාවට නික්මුනා. මොහු ගේ මිත‍්‍ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඔහු අයිති වච්ඡායන ගෝත‍්‍රයට [...]
5-5. උදායි තෙරුන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය ප‍්‍රධානත්වයට හරි ආසයි. තනතුරුවලට හරි ආසයි. නම්බුනාමවලට හරි ආසයි. නමුත් එ් එකකටවත් සුදුසුකම් නෑ. තියෙන්නෙ ඇඟපත විතරයි. එබඳු අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. මෙහි සඳහන් වෙන්නේ එබඳු කථාවක්. සැවැත් නුවර [...]






