September 2015
රත්තරන් පුතේ…. මේ දුක අවසන් වෙන්නේ කවද්ද…?
එයාගේ සිඟිති මුහුණ මුනින් අතට මුහුදු වෙරලේ එබිලා තිබුණා. මුහුද පැත්තට තමයි සිඟිත්තා මැරිලා හිටියේ.
August 2015
005. තණ්ඩුලනාළි ජාතකය
අපට ඇති සසර පුරුදු ගැන බලද්දි පුදුම හිතෙනවා. බොහෝ දෙනෙක් කලින් ආත්මවල කරපු දේවල් මේ ආත්මෙත් කරනවා. ඉස්සර කළ මෝඩකම් ආයෙමත් කරනවා. ඉස්සර නුවණින් වැඩ කළ අය මේ ආත්මෙත් නුවණින් වැඩ කරනවා. දැන් අපි ඉගෙන ගන්නේ කලින් ආත්මේ කළ මෝඩකම් ආයෙමත් කළ භික්ෂුවකගේ කතාවකුයි.
4-15,16. සිරිගුත්ත ගරහදින්නගේ කථා වස්තුව
එබඳු මිථ්‍යා දෘෂ්ටි මත දරන සමාජය තුළ යම් කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා නම් මඩ වගුරක පිපී සුවඳ හමන නෙළුමක් වගේ ඔහු මේ සමාජය තුළ බබළනවා.
නිකිණි පොහොය
ඒ පින්බර නිකිණි පුන් පොහෝ දින අළුයම සිව් ඉරියව්වෙන් ම තොර ඉරියව්වක දී ආනන්දයන් වහන්සේ උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක. ඉන්පසු ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුළුව පන්සිය නමක් මහ රහතන් වහන්සේලා විසින් රජගහනුවර වේභාර පර්වත ප‍්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි සත් මසක් පුරාවටම සිදු කරන ලද ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද ඒ පින්බර නිකිණි පුන්පොහෝ දිනයේ දී ය.
දසබලයෙන් බැබලුණු මුනිඳාණෝ….
මේ තථාගත බල දහයෙන් යුක්ත වූ අපගේ ශාස්තෘන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි අද්විතීය, අසාමාන්‍ය, වීරෝදාර, පරම ශ්‍රේෂ්ඨ වූ ආධ්‍යත්ම නායකත්වයට පත් වුණා.
4-14. ගෝධික තෙරුන් වහන්සේගේ කථා වස්තුව
පින්වත් මහණෙනි, ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය කොහේවත් පිහිටියේ නෑ. පහන් සිලක් වගේ නිවිලා ගියා. තණ්හාව මුලින්ම උදුරා දමා පිරිනිවන් පෑවා.






