October 2015
006. දේවධම්ම ජාතකය
ඉතින් බෝධිසත්වයෝ තම සොයුරන් දෙදෙනාත්, දියරකුසාත් රැගෙන බරණැසට ගියා. ඇමැතිවරු බෝධිසත්වයන්ට රාජ්‍යය පැවරුවා. බෝසත් රජු චන්ද කුමාරයාට යුවරජකමත්, සූරිය කුමාරයාට සේනාපතිකමත් පැවරුවා. රාජ උද්‍යානේ රමණීය පොකුණක් අසල යකාට දෙවොලක් හදලා දුන්නා. අග‍්‍ර මල්මාලා වලින්, අග‍්‍ර පුෂ්පවලින්, අග‍්‍ර භෝජනයෙන් උපස්ථාන ලැබෙන්න සැලැස්සුවා.
වප් පුන් පොහොය
වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.
බුදු සසුනේ පදවි හා ඒවායේ කාර්යභාරය
ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. ඒ බුදු සසුනෙහි ශ‍්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක් පිරිසටම ශාස්තෘ [...]
අංගුලිමාල මහරහතන් වහන්සේ
මා හට අසන්නට ලැබුනේ මේ විදියට යි. එ් දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනාථපිණ්ඩික සිටුතුමා ගේ ආරාමයේ. එසමයෙහි පසේනදී කොසොල් රජතුමා ගේ රාජධානියෙහි අංගුලිමාල නම් ප‍්‍රසිද්ධ සොරෙක් සිටියා. ඔහු රෞද්‍රයි. ලෙහෙ [...]
අවබෝධයෙන් තෙරුවන් සරණ යමු
ජීවිතය යනු සුවහසක් ගැටලු වලින් පිරුණු එකකි. එහෙත් අපි කවුරුත් කැමති අස්වැසිල්ලෙන් පිරුණු සැනසිලිදායක ජීවිතයකටයි. සිහිනයක් බොඳවී යන්නා සේ ජීවිතය අවසන් වී යනු දකින්න කවුරු නම් කැමති වෙත්ද? එහෙයින් සීරුවෙන් පා තබා පරෙස්සම් ගමනින් යාම [...]
5-2. මහා කස්සප තෙරුන්ගේ ගෝලයාගේ කථා වස්තුව
“අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා” පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකය හරිම පුදුමයි කියලා අපි හිතන්නේ ආකාසය, ගස් කොළන්, ගංගාවල්, සාගරය ආදිය බලලයි. නමුත් මේ මිනිසුන්ගේ ස්වභාවය ඊටත් වඩා පුදුමයි. සමහරුන්ට පින් කරන්න හිතෙනවා. හිතිලා පින් [...]






