Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2016

5-14,15. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව

By |October 1st, 2016|Categories: 05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉන්නවා තමන් ගැන පහදිනවාට විතරයි කැමති. තමන්ගේ දායකයින් තමන්ට සළකනවාට විතරයි කැමැති. වෙනත් භික්ෂූන් වහන්සේලාට සළකනවාට කැමැති නෑ. ඊර්ෂ්‍යයයි. එතකොට දායකයින්ට බනිනවා. බුද්ධ කාලයේත් එවැනි පිරිහුණු භික්ෂූන් හිටියා. එබඳු භික්ෂුවක් ගැනයි මේ කථාවෙන් සඳහන් වෙන්නේ.

Comments Off on 5-14,15. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව

September 2016

015. ඛරාදිය ජාතකය

By |September 24th, 2016|Categories: 02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ආචාර්ය උපාධ්‍යායන්ගේ අවවාදයට ඇහුම්කන් දීම කියන්නේ ඉතා වටිනා ගුණයක්. ඒ ගුණය අහිමි කරගත් කෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම අකරතැබ්බයකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩිහිටි වූ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ යහපත් අවවාදයක ඇති උපකාරය තේරුම් ගැනීම ගොඩාක් වැදගත්.

Comments Off on 015. ඛරාදිය ජාතකය

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 5

By |September 16th, 2016|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

ඕං බලන්ට දරුවනේ පින විපාක දුන්නු හැටි. මේ ලෝකේ ශ්‍රද්ධාව ඇති අය, පින ගැන අවබෝධය ඇති අය ස්වල්ප වූ නමුත් පැන් පූජාව මහත් ශ්‍රද්ධාවෙන් සිදු කරනවා. බොහෝ ම දන්පැන් පුදනවා නම් කොහොම විපාක ලැබේද කියලා අපේ ආච්චි ඉතා මිහිරට මේ කවිය කිව්වා.

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 5

5-13. ඇට සැකිලි ප්‍රේතයාගේ කථා වස්තුව

By |September 3rd, 2016|Categories: 05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ගිනියම් වුණු යකඩ කුළුගෙඩි හැටදහසක් ඔහුගේ ඔළුවට එකවරටම වේගයෙන් වදිනවා. එතකොට ඔළුව පැලෙනවා. ප්‍රේතයා යටිගිරියෙන් කෑ ගහනවා. ආයෙ ටික වෙලාවකින් නැවත හාවෙනවා. ආයෙමත් ගිනිගෙන දැවෙන යකඩ කුළුගෙඩිවලින් ඔලුවට වදිනවා. ආයෙමත් හාවෙනවා.

August 2016

නිකිණි පුන් පොහොය

By |August 14th, 2016|Categories: පොහොය වර්ණනාව|

දෙවෙනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන්පොහෝ දින පසුවී දෙවැනි දවසෙහි තනවන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි උතුම් රහතන් වහන්සේලා ආනන්ද තෙරුන්ට අසුන තබා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට වැඩසිටියහ. ආනන්දයන් වහන්සේ තමන් උතුම් අරහත්වය සාක්ෂාත් කළ බව අන් තෙරවරුන්ට හඟවනු පිණිස.....

Comments Off on නිකිණි පුන් පොහොය

014. වාතමිග ජාතකය

By |August 13th, 2016|Categories: 02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ. අහෝ! ලෝකයෙහි රස තෘෂ්ණාව යනු ඒකාන්තයෙන් ම ලාමක දෙයක් ම යි!

Comments Off on 014. වාතමිග ජාතකය
Go to Top