February 2017
මගෙ බුදු සමිඳු ආයුෂ අත්හළ සේක…!
නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩ සිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. එකල්හී මේ මහත් පෘථිවිය චලනය වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී ඒ සම්බුදු මුව මඬලින් උදානයක් පහළ කළ සේක.
තුලමතුලඤ්ච සම්භවං – භව සංඛාරමවස්සජී මුනි
අජ්ඣත්තරතෝ සමාහිතෝ – අභින්දි කවචමිවත්තසම්භවන්ති
තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද?
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 21 තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද? තරුණ ජීවිතය ගසාගෙන යන තත්ත්වයට අද පත්වී තිබේ. යමක් ගසාගෙන යනවා යන්නෙහි අර්ථය එය වෙනත් යමකට අවශ්‍ය ආකාරයට හැසිරෙනවා යන්නය. ජීවිතයේ [...]
January 2017
සිංහල ජාතියට ලැබෙන දේව රැකවරණයෙන් ඔබත් රැකෙන්න
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 20 සිංහල ජාතියට ලැබෙන දේව රැකවරණ යෙන් ඔබත් රැකෙන්න අසත්පුරුෂයා සහ සත්පුරුෂයා වෙන් කරලා හඳුනාගන්න පුළුවන් සත්පුරුෂයාට විතරයි කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අසත්පුරුෂයාට මේ දෙකම හඳුනාගන්න බැහැනේ... [...]
අපේ ආච්චිගේ ලස්සන බණ කතා – 8
“මොනවා කියනවද දරුවනේ... භික්ෂූන් වහන්සේලා ගැන සිත පහදවාගත් කපුටු ජෝඩුව මරණින් පස්සේ කොහේද උපන්නේ කියලා දන්නවා ද පුතේ? තව්තිසාවේ... ඔව් පුතේ... තව්තිසාවේ උපන්නේ... බලන්ට දරුවනේ තමන් ගේ කුසගින්න නිවාගන්ට කළ උපකාරය ඒ තිරිසන්ගත කපුටා මතක තියාගෙන හිටියා නොවැ. නුවණැත්තෝ එහෙම තමයි. ඔවුන් කවරදාකවත් මිත්‍රද්‍රෝහී වෙන්නේ නෑ. කළ උපකාරය සිහි කරනවා ම යි කියලා ආච්චි මිහිරට මේ කවිය කිව්වා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 7
අපේ ආච්චිගේ ලස්සන බණ කතා වෙන් අද අපි ඉගෙන ගන්නේ තිසරණ යේ මහා බලය ගැනයි. දිවි හිමියෙන් බුදු රජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙකුගේ ලස්සන කතාවක් ගැනයි මේ..
ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියාවක් මෙන්න
අප සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරුණත් අපගේ සිත් පිරී ඇත්තේ කොයිතරම් මහන්තත්වයකින්ද...? ඔබගේ චරිතය දෙස දවසක් ඔබම බලා සිටින්න. අප කොයිතරම් උඩඟු පුද්ගලයන්දැයි ඔබට ද සිතා ගත නොහැකි වනු ඇත. අනන්ත සසර පුරා දුක් විඳිමින් අප රැගෙන ආවේ මේ මමත්වය නොවේද...? ඒ ගැන සිතා දැන්වත් අප ධර්ම මාර්ගයේ උතුම් අරමුණු පෙරදැරිව යායුතු නොවේද...? ඒ සඳහා අපට මඟ පෙන්වා දුන්නේ ඒ මහා සම්මා සම්බුද්ධයාණන් වහන්සේය.





