Blog

Blog2016-11-08T10:09:37+05:30

November 2014

14. අනුස්සති භාවනා

By |November 2nd, 2014|Categories: සිතට සුව දෙන භාවනා|

දුරජාණන් වහන්සේට තිබුණ නිකෙලෙස් හදවතක්. උන්වහන්සේගේ මනස සදා පිවිතුරු භාවයට පත්වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් කෝප වුණේ නෑ. මොනම හේතුවක් නිසාවත් දරුණු වුණේ නෑ. මේ බාහිර ලෝකයේ මායාවට බුදුරජාණන් වහන්සේ වසඟ වුණේ නෑ. මේ නිසා උන්වහන්සේට කියනවා රහතන් වහන්සේ කියල. අරහං කියල. ඒ බුදුගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේව සිහිකරන්න පුළුවන් නම්, ඔබේ සන්තානය පිරිසිදු වෙනවා.

Comments Off on 14. අනුස්සති භාවනා

13. සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

By |November 2nd, 2014|Categories: සිතට සුව දෙන භාවනා|

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග කියල කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ අංග. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට උපකාර වන අංග හතක් තියෙනවා. ඒ හත තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ ඔක්කොම ඔබ තුළ වැඩෙන්නේ සතිපට්ඨානය වැඞීම තුළ. සතිපට්ඨානය වැඩුවෙ නැත්නම් මේ බොජ්ඣංග ධර්ම ඔබතුළ වැඩෙන්නෙ නෑ. අධිෂ්ඨාන කරල ලබන්න බැහැ….

12. ආයතන භාවනාව

By |November 2nd, 2014|Categories: සිතට සුව දෙන භාවනා|

බුදුරජාණන් වහන්සේ වදාළා යම් තැනක ඇසක් තියෙනවද, යම් තැනක කණක් තියෙනවද, යම් තැනක නාසයක් තියෙනවද, යම් තැනක දිවක් තියෙනවද, යම් තැනක කයක් තියෙනවද, යම් තැනක මනසක් තියෙනවද එතැන දුක ඇත. යම් තැනක ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන හයේ උපතක් තිබේද, එතන තමයි දුකේ උපත. එතන තමයි ජරා ජීර්ණ වීමේ උපත. එතන තමයි රෝගයේ උපත. එතන තමයි මරණයේ උපත.

Comments Off on 12. ආයතන භාවනාව

11. පංච උපාදානස්කන්ධ භාවනාව

By |November 2nd, 2014|Categories: සිතට සුව දෙන භාවනා|

මේ ජීවිතය ගැන විශාල අවබෝධයක් ශ‍්‍රාවකයාට ලබාදෙනවා බුදුරජාණන් වහන්සේ විසින්. බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේ නිවන් මග පෙන්වා වදාළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ විසින්ම පාවිච්චි කරනවා (අසංජාතස්ස මග්ගස්ස සංජනේතා) නොදන්නා වූ මාර්ගය උපදවන කෙනා. (අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා) ලෝකයේ කවුරුවත් නො කියපු නිවන් මග කියන කෙනා. (මග්ගඤ්ඤූ) ඒ මාර්ගය මනා කොට අවබෝධ කළ කෙනා (මග්ගවිදූ) මාර්ගය මනා කොට දන්න කෙනා. (මග්ගකෝවිදෝ) මාර්ගය මනාකොට පෙන්වාලන්නට සමර්ථ කෙනා. මේ නම් ඔක්කොම යොදල තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. මේ හිත හැසිරවීමේ මාර්ගය පෙන්වා වදාළේ බුදුරජාණන් වහන්සේ තමයි. මේ නිසා ඔබ හොඳ ශ‍්‍රද්ධාවක් පැහැදීමක් ඇති කරගන්නට ඕනෙ.

10. පංච නීවරණ පිළිබඳ භාවනාව

By |November 2nd, 2014|Categories: සිතට සුව දෙන භාවනා|

යම් හෙයකින් ප‍්‍රතිමාවක් තුළින් බුදුරජාණන් වහන්සේව දැකගන්න පුළුවන් නම් ඉස්සෙල්ලාම ඒ ප‍්‍රතිමා නිර්මාණය කරන්නේ රහතන් වහන්සේලා විසින්. එහෙම නම් බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටපු රහතන් වහන්සේලා ප‍්‍රථම ධර්ම සංඝායනාව කරන්නත් කලින්ම තීරණය කරනවා, බුදු රජාණන් වහන්සේව අනිත් අයට දැකගන්නට බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය කරන්නට ඕනෙ කියල. නමුත් උන්වහන්සේලා නියම දේ කළා. උන්වහන්සේලා ශ‍්‍රී සද්ධර්මය ආරක්ෂා කළා. සංඝායනා කළා.

09. සතර සතිපට්ඨානය තුළ චිත්තානුපස්සනාව

By |November 2nd, 2014|Categories: සිතට සුව දෙන භාවනා|

සිත කියල කියන්නෙ පින්වතුනි, හේතු නිසා හට ගන්න දෙයක්. හේතු නැතිවීමෙන් නැතිවෙලා යන දෙයක්. ඒ වගේ ම හිත කියන එක නොමඟට හැරෙව්වාම නොමගට යන දෙයක්. සුමඟට හැරෙව්වාම සුමඟට යන දෙයක්. හරවන හරවන විදිහට හැදෙන දෙයක්. මේ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ සිත දමනය කරගත යුතු දෙයක්. උන්වහන්සේ හැම තිස්සෙම වදාළා (චිත්තං දන්තං සුඛා වහං) දමනය වෙච්ච සිතෙන් සැප ලැබෙනවා කියල. මේක පැහැදිලිව උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේ සිත දමනය කරගෙන හිටපු නිසා.

Go to Top