නිරවුල් මනසක් සවිමත් ජාතියක්…
නිදාගත් […]
නිදාගත් […]
නිදාගත් […]
අධික ලෞකිකත්වයට නැඹුරු වීම තුළ ඒ රටවල තරුණ සමාජය දේශපාලනයට යන එක, ආගමික ජාතික වටිනාකම් සඳහා පෙළ ගැසෙන එක නැවතෙයි කියලා ඒ බටහිර ජාතීන් හිතනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය ඒක. අධික කාම සේවනයට, විකෘති කාමයට, විකෘති රාගයට මේ තරුණ පිරිස් පොළඹවනවා.
අප සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරුණත් අපගේ සිත් පිරී ඇත්තේ කොයිතරම් මහන්තත්වයකින්ද...? ඔබගේ චරිතය දෙස දවසක් ඔබම බලා සිටින්න. අප කොයිතරම් උඩඟු පුද්ගලයන්දැයි ඔබට ද සිතා ගත නොහැකි වනු ඇත. අනන්ත සසර පුරා දුක් විඳිමින් අප රැගෙන ආවේ මේ මමත්වය නොවේද...? ඒ ගැන සිතා දැන්වත් අප ධර්ම මාර්ගයේ උතුම් අරමුණු පෙරදැරිව යායුතු නොවේද...? ඒ සඳහා අපට මඟ පෙන්වා දුන්නේ ඒ මහා සම්මා සම්බුද්ධයාණන් වහන්සේය.
අද අපි ඉගෙන ගන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු දියුණු කළ යුතු තවත් භාවනාවක් වන දේවතානුස්සති භාවනාව යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත්, මිනිසුන්ටත් නිවන් මග පෙන්වා දෙන එක ම ශාස්තෘන් වහන්සේ නිසා “සත්ථා දේවමනුස්සානං” කියා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්ම මාර්ගය දියුණු කළ මග ඵල ලාභී දෙවිවරු චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්තිය යන කාම දිව්‍ය ලෝක හයේත් සිටිනවා. ඒ වගේ ම බ්‍රහ්මකායික දෙවිවරුන් බ්‍රහ්ම පාරිසජ්ජ බඹලොව පටන් අකනිට්ඨා බඹලොව දක්වා වැඩ සිටිනවා.