අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය

12-5. මහාකාල උපාසකතුමාගේ කථා වස්තුව

2019-06-22T13:55:12+05:30June 22nd, 2019|12 අත්ත වර්ගය|

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සති ගණන් නැවතිලා සිල් රැකපු හරිම හොඳ උපාසක කෙනෙක් තමයි ඔය මහාකාල කියන්නේ. කවුරුවත් කරපු වැරැද්දකට දඬුවම් වින්දා නෙව. මෙයින් උපාසක උන්නැහේට අසාධාරණයක් වුණේ.”

Comments Off on 12-5. මහාකාල උපාසකතුමාගේ කථා වස්තුව

12-4. කුමාරකස්සප තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T21:26:22+05:30June 18th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“මයෙ රත්තරන් පුතේ...” කියමින් දුවගෙන ගිහින් සිඟිති ස්වාමීන් වහන්සේ අතින් අල්ලගත්තා. කුමාර කස්සපයන් වහන්සේට අම්මා ගැන සංවේගයක් හටගත්තා. මේ බැඳීම නම් සිඳබිඳ දැමිය යුතුයි කියලා හිතුවා. අත ගසලා දැම්මා.

Comments Off on 12-4. කුමාරකස්සප තෙරුන්ගේ කථා වස්තුව

12-3. පධානිකතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T21:26:59+05:30June 15th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"ඇවැත්නි, අපි මේ දහම් අවවාද ගත්තේ ජීවමාන බුදුරජුන්ගේ සමීපයෙන් බව හොඳට මතක තබාගන්න. අප්‍රමාදීව මහණකම කරන්න” කියලා සඟ පිරිසව බලවත්ව භාවනාවට යොමු කරනවා. තමන් ගිහින් හොඳට නිදා ගන්නවා."

Comments Off on 12-3. පධානිකතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

12-2. ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T21:27:52+05:30June 13th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"උපනන්ද තෙරුන්ගෙන් බණ ඇසූ බොහෝ භික්ෂූන් තුන් සිවුරුවලින් උන්වහන්සේව පිදුවා. තමනුත් ධුතාංගාදිය සමාදන් වුණා. දස කථාව ඇසූ ඒ භික්ෂූන් සතුව තිබූ වැඩිමනක් පිරිකර අස්කරද්දී ඒවත් උපනන්ද තෙරුන්ම ගත්තා."

Comments Off on 12-2. ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරුන්ගේ කථා වස්තුව

12-1. බෝධිරාජකුමාරයාගේ කථා වස්තුව

2020-02-14T21:20:51+05:30June 8th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"අදට වුණත් දරුවන් නැති දෙමව්පියන් කොතරම් නම් ඉන්නවාද? වෙනත් දෙමව්පියන් දරු සුරතල් බලන අයුරු දැක මොනතරම් සුසුම් හෙළනවාද? දරුවන් ලබාගැනීම උදෙසා මොන තරම් වියදම් කරනවාද?."

11-10,11. මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

2020-02-14T21:28:53+05:30May 28th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"ඔය සිටුවරයා තමන්ගේ තරුණ අවදියේ ව්‍යාපාරයක් පටන්ගත්තා නම් බරණැස් නුවර අංක එකේ සිටුවරයා වෙන්න පින තිබ්බා. පැවිදි වුණා නම් මෙලහකට රහතන් වහන්සේ නමක්. ඒ බිරිඳ පැවිදි වුණා නම් දැනටමත් අනාගාමී.."

Comments Off on 11-10,11. මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

11-8,9. බුදුරජුන්ගේ උදානය ගැන කථා වස්තුව

2020-02-14T21:28:58+05:30May 24th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“රාත්‍රී මධ්‍යම යාමයෙහි චුතූපපාත ඥානය නම් වූ දෙවෙන විද්‍යාව පහළ වුණා. පශ්චිම යාමයෙහි පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රඥාවෙන් විමසා බැලීම නිසා සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කොට උතුම් නිවන පසක් කළා.”

11-7. ලාලුදායී භික්ෂුවගේ කථා වස්තුව

2020-02-14T21:29:05+05:30May 23rd, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“මේකෙන් යමක් තේරුම් ගන්න පුළුවනි. කාලා බීලා ඇඟ විශාල කරගෙන විතරක් මදි. අපි නුවණිනුත් විශාල වෙන්න ඕන. ඇඟ විශාල අය දැක්කාම තේජස් විදිහට පෙණුනට කතා කරල බලද්දි නුවණ නැතිවුණොත් ඒක හරි මදි.”

11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව

2020-02-14T21:29:08+05:30April 24th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"බුදුරජාණන් වහන්සේව දකිද්දි, සංඝයාව දකිද්දි ඇය හරියට පසුතැවුණා. හිතෙන් දුක් වින්දා. කාටවත් කියාගන්නත් බෑ. ඈ සතුටින් ඉන්න නිතර මහන්සි ගත්තා. කාටවත් කියාගත නොහැකි මේ කාරණය සිතේ රැව් දුන්නා."

Comments Off on 11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව

11-5. කයේ ආදීනව-රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව

2020-11-09T22:05:13+05:30April 22nd, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

‘අම්මේ.... අර කන්‍යාවගේ ලස්සන.... හැබෑම ලස්සනයි. ස්වර්ණරාජ හංසිනියක් වගේ.... මේ වගේ සුරූපී කන්‍යාවක් ඉදිරියේ මං කවුද? මගේ රූපය නම් කපුටියකගේ තරම්වත් වටින්නෙ නෑ. චීයා... මං... මං ගැන හිතාගෙන හිටි දේවල්....’

Go to Top