11-4. බොහෝ අධිමානී භික්ෂූන්ගේ කථා වස්තුව
“ඇවැත්නි, ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අවවාදය අපට කරන්න ඇත්තේ මොකාක් හරි දුරදිග බලලයි. උන්වහන්සේගේ වචනයට අපි අවනත වීමෙන් ඒකාන්තයෙන්ම අපට යහපතක් වෙනවා. ඒ නිසා අපි අමු සොහොනට යමු.”
“ඇවැත්නි, ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අවවාදය අපට කරන්න ඇත්තේ මොකාක් හරි දුරදිග බලලයි. උන්වහන්සේගේ වචනයට අපි අවනත වීමෙන් ඒකාන්තයෙන්ම අපට යහපතක් වෙනවා. ඒ නිසා අපි අමු සොහොනට යමු.”
"තමන් ගේම සිවුරුපොට තමන්ට පෑගුණා. ඇඟට පණ නැති නිසා එහෙම්මම ඇද වැටුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඇය අසලට වැඩියා.“පින්වත් භික්ෂුණිය, ඔබට ජීවත්වෙන්න තියෙන්නේ තව සුළු කාලයයි. එනිසා මේ ජීවිතයම තේරුම් ගන්න” කියලා මෙම ගාථාරත්නය ඉතා මිහිරි ස්වරයෙන් වදාළා."
"හැමෝම එතන හිටියේ හරිම අමාරුවෙන්. එතරම්ම දුර්ගන්ධයක් හමනවා. අන්තිමේදී සිරිමාගේ ගණන අඩු කළා. කහවණු පන්සීයට... තුන්සීයට... පනහට... විසිපහට... දහයට.... පහට... ලංසුවට තිබ්බා. සියලු දෙනා හිටියේ ඇයව හඳුනන්නෙවත් නෑ වගේ. අන්තිමේදී නොමිලේ අරගෙන යන්න කිව්වා. හැමෝම බිම බලාගත්තා."
"විශාඛාවට ඇති ගෞරවය නිසා ඇඹරි ඇඹරී ඉන්නවා.“බොහොම හොඳයි.... වැදගත් කාන්තාවන් වුණාම ධර්මය පැත්තටත් ටිකක් ආස කරන්න ඕන නේද? එහෙනම් අපි දෙව්රමට යමු....”විශාඛාවගේ වචනයට පිටුපාන්න කාටවත් බෑ. ඒ නිසා විශාඛාවගේ පිටුපසින් ඔවුනුත් දෙව්රම් වෙහෙරට ඇතුළු වුණා."
"මං අප්‍රමාණ වෙහෙසක් ගත්තා මේ බත් කටක් උදෙසා. මට එහෙම වුණේ පින් මදි නිසයි. අද මේ දවසට කන කෑමෙන් මං හැමදාම ජීවත් වෙන්නෙ නෑ. අනිත් දවස්වලට මං සාමාන්‍ය විදිහටනේ කන්නේ. ඒ නිසා මං මේ දානය ආර්යයන් වහන්සේට පූජා කරනවා.....
“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. මගේ ළයෙහි උපන් දරුවා ආචාර්යයන් වහන්සේට ඇති බැඳීම නිසා තමයි එතනට ගියේ. දැන් ඒ බැඳීම නෑ. තමන්ම තමන්ගේ අකුසල් ගැන ලැජ්ජාව ඇතිකරගෙන තමන්ම තමන්ට අවවාද කරගෙන යහපත් අශ්වයෙක් කස පහර කන්ට....
“ස්වාමීනී, සිනහ පහළ වෙන්නට සිදුවූ දෙය කුමක්ද? 'පින්වත් ආනන්ද, ඔය යන සන්තති අමාත්‍යයා දෙස බලන්න. අද ඔය ආභරණ වලින්ම ඇමතිතුමාට තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා. ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත්වෙනවා. අහසට පැන නැඟී අදම පිරිනිවන් පානවා.'”
"පින්වත් භික්ෂුව, කලින් ආත්මෙක නම් ඔබ ඔහොම නොවෙයි. රකුසෙක් වෙලා ඉපදිලා හිරි ඔතප් (ලැජ්ජා භය) දැනගන්න ආසාවෙන් දොළොස් අවුරුද්දක් ඒ ගැන කරුණු සොය සොයා ගියා. දැන් මෙතරම් වටිනා බුද්ධ ශාසනයක පැවිදි වෙලා හිරි ඔතප් නැති කරගෙන මේ සිව්වණක් පිරිස මැද්දෙ හිටගත්තා නේද?"
“පින්වත් මොග්ගල්ලාන, ඔබ පිරිනිවන් පාන්නේ කොහේද?”“ස්වාමීනී, ඉසිගිලි පර්වත ප්‍රාන්තයේ කාලසිලා ගල්තලාවේ.”“මාගේ ළය මඬලින් උපන් දරුව, මට ධර්මය පවසන්න. මෙබඳු වූ ශ්‍රාවකයෙකුගේ දර්ශනය ලොවට අදින් පසු නොලැබෙන්නේය.”
"මුගලන් මහරහතන් වහන්සේ යොදුන් විසිපහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා. උගේ හිසෙන් ගිනිදැල් මතුවෙනවා. වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා. ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා. හිස දක්වා ඇවිලීගෙන යනවා."