මහාවංශය – නවවෙනි පරිච්ඡේදය
රජ්ජුරුවන්ගේ අභාවයෙන් පසු ඒ රජුගේ පුත්‍රයන් සියලු දෙනාම එකතු වෙලා උන්මාදචිත්‍රා කුමරියට ජීවිතාරක්ෂාව ලබාදුන් තම ජ්‍යෙෂ්ඨ සහෝදරයා වන අභය යුවරාජයන්ව මහත් උත්සවාකාරයෙන් ලංකාවෙහි රජු ලෙස අභිෂේක කළා.
රජ්ජුරුවන්ගේ අභාවයෙන් පසු ඒ රජුගේ පුත්‍රයන් සියලු දෙනාම එකතු වෙලා උන්මාදචිත්‍රා කුමරියට ජීවිතාරක්ෂාව ලබාදුන් තම ජ්‍යෙෂ්ඨ සහෝදරයා වන අභය යුවරාජයන්ව මහත් උත්සවාකාරයෙන් ලංකාවෙහි රජු ලෙස අභිෂේක කළා.
ඒ පිරිසිදු බුද්ධි ඇති ඇමතිවරු ඔවුන්ගේ බලාපොරොත්තු හැම එකක් ම සම්පූර්ණ වූ නිසා ඒ පණ්ඩුවාසුදේව කුමාරයාව ලංකා රාජ්‍යයෙහි අභිෂේක කළා. පණ්ඩුවාසුදේව රජ්ජුරුවෝ තමන්ගේ මෙහෙසිය හැටියට අලාමක රූප සෞන්දර්යයෙන් හෙබි භද්දකච්චානා ශාක්‍ය වංශික රාජකන්‍යාව අභිෂේක කළා.
මහාවංශයෙහි සත්වෙනි පරිච්ඡේදය වන මෙහි සඳහන් වන්නේ විජය කුමරු ලක්දිවට ගොඩබට අවස්ථාවේ සිට රාජාභිෂේකය සිදුවූ අවස්ථාව දක්වා කතා පුවතයි.
මහාවංශයෙහි සයවෙනි පරිච්ඡේදය වන මෙහි සඳහන් වන්නේ සිංහල ජාතියේ ආදිම පුරුෂයා වන විජය රජුගේ උප්පත්ති කතාවත්, එතුමාගේ දෙමාපියන්ගේ ජීවිත කතා පුවතත්, විජය කුමරු ලක්දිවට පැමිණි ආකාරය ගැනත් ය.
මහාවංශයෙහි පස්වෙනි පරිච්ඡේදය වන මෙහි දෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංඝයා වාද විවාද හේතුවෙන් ආචාර්ය කුලයන්ට බිඳීගිය ආකාරයත්, ධර්මාශෝක රජුගේ රාජාභිෂේකය සිදුවූ ආකාරයත්, ධර්මාශෝක රජතුමා නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ බැහැදැකීම සිදු වූ ආකාරයත්, ධර්මාශෝක අධිරාජයා බුද්ධාගම වැළඳගැනීමත්, මහා පින් ඇති, මහා බල ඇති, මහා තෙද ඇති මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පහළවීම පිළිබඳ අසිරිමත් කතා පුවතත්, ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් තුන්වන ධර්ම සංගායනාව සිදු වී ගෞතම බුදු සසුන සුරක්ෂිත වූ ආකාරයත් විස්තර වේ.
මහාවංශයෙහි සිව්වෙනි පරිච්ඡේදය වෙන මෙහි විස්තර වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වුන තැන විසාලා මහනුවර වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තු මුල්කරගෙන සබ්බකාමී, යස, රේවත යන මහරහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා සත්සිය නමකගේ සහභාගීත්වයෙන් විසාලා මහනුවරදී කාලාශෝක රජුගේ අනුග්‍රහය යටතේ දෙවන ධර්ම සංගායනාවෙන් බුදු සසුන සුරක්ෂිත කළ ආකාරය ගැනයි.
අපගේ ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේ උතුම් අර්හත්වයට පත් වූ බව ඒ රහතන් වහන්සේලාට දන්වනු පිණිස උන්වහන්සේලා සමඟ මණ්ඩපයට වැඩියේ නෑ. එතකොට එක රහතන් වහන්සේ නමක් ‘මේ ආසනය වෙන්කොට තිබෙන්නේ කවුරුන් වෙනුවෙන්ද?’ කියලා ඇසුවා. ‘මෙය ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සඳහා ය’ කියලා පිළිතුරු ලැබුනා. ‘අපගේ ආනන්දයෝ කොහි ගියාද?’ කියා අසනවාත් සමඟ ම, අපගේ ආනන්දයන් වහන්සේ පොළොවෙහි කිමිදුනා. සංගායනා මණ්ඩපයේ තමන් වෙනුවෙන් පනවා ඇති ආසනයෙහි වාඩිවුනා.
අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් මහාමුනීන්ද්‍රයන් වහන්සේ මහාසම්මත රාජ වංශ පරම්පරාවෙහි ම උපන් සේක. මේ මහා කල්පයෙහි මුල් අවස්ථාවෙහි අප බෝසතාණන් වහන්සේ ඕපපාතිකව මනුෂ්‍ය ආත්මයක ඉපිද සිටියා. මහජනයා විසින් උන්වහන්සේව ‘මහාසම්මත’ යනුවෙන් නම් කොට රජකමට පත්කෙරෙව්වා.
අපගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට එම උතුම් වංශ පරම්පරාවෙහි ශ්‍රේෂ්ඨ සිදුවීම් ගැන විස්තර සමගින් ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ වංශය පිළිබඳ ව පරම්පරා කථාව වන මහාවංශය පවසමි.
(පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද […]