සිරි ගෞතම සිරිපා විහාරය සම්බුදු සසුනට පූජා කිරීම
ශ්රී ලංකා මාතාවගේ මිණි කිරුළ බඳු වූ සමනොළ ගිරිහිස සුපිහිටි අප භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් වාම ශ‍්‍රී පාද පද්මය සිහිපත් කරවමින් ඉන්දියාවේ හිමාල ප‍්‍රදේශයෙන් හමු වූ නීල වර්ණ මාණික්‍යමය පාෂාණයක් මත පිහිටුවාලූ ජීවමාන ලෙසින් දිස්වන සිරිපා අනුරුව සහ වසර දෙදහස් ගණනක් ඉපැරණි සෑ රජාණන් වහන්සේ නමකගේ කැණීම්වලදී හමුවූ සිරිපා සලකුණු සහිත මංජුසාවක තැන්පත් ව තිබූ උතුම් ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ලද, කඩුවෙල, මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පින් බිමේ සිරි ගෞතම සිරිපා මහා විහාරය ගෞතම බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි පළමුවැනි දින පවත්වන්නට යෙදුණු අතර එහිදී සිරි ගෞතම සිරිපා මහා විහාරය නිල වශයෙන් විවෘත කෙරුණේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතිනි.










