ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය පූජා මංගල්‍යය – අවසාන දිනය
අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන, ලක්දිවට ගෞතම බුදු සසුන දායාද කළ, ලක්දිවට ශාස්තෘන් වහන්සේ වැනි වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය නමින් මනරම් විහාරයක් ඉදිකෙරුණා. එම විහාරය දෙව් මිනිසුන්ගේ වන්දනා මානන උදෙසා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 13 වනදා සිට ඔක්තෝබර් 16 වන දිනට යෙදුනු ශ්‍රී මිහිඳු පුර අටවක පොහොය දින දක්වා ගෞරවනීය මහා සංඝ රත්නයේ ද දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ද සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනා.







[…]


