News

මහමෙව්නාව විදුහලේ සිසු දරුවන්ගේ ශ්‍රමදානමය පින්කම

2019-03-05T10:38:15+05:30March 5th, 2019|News, නවතම පුවත්|

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට පසුගිය පෙබරවාරි මස 28 වන දිනට වර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන පෙබරවාරි 22 වන දින දොම්පේ ප්‍රාදේශිය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරන ලදී. මෙම පින්කමේදී මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ සිසු දරුවන් විසින් පහත ආකාර වලින් පින් රැස් කරගන්නට යෙදුනි.

Comments Off on මහමෙව්නාව විදුහලේ සිසු දරුවන්ගේ ශ්‍රමදානමය පින්කම

මාතලේ ශාක්‍යමුනි මහාසෑයේ හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය (ඡායාරූප)

2019-03-02T09:22:06+05:30March 2nd, 2019|News, නවතම පුවත්|

සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ උතුම් ධාතු නිධානෝත්සවය පෙබරවාරි මස 17 වන ඉරු දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවූ වගයි...

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 පෙබරවාරි

2019-02-24T19:08:29+05:30February 24th, 2019|News, සදහම් පරිත්‍යාග|

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ (2019) පෙබරවාරි මාසයේදී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි.

Comments Off on සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 පෙබරවාරි

තරුණ දූපුතුන් වෙනුවෙන් සිව්වන වරටත් පැවැත්වූ යොවුන් දහම් සක්මන වැඩසටහන

2019-02-14T15:02:38+05:30February 11th, 2019|News, නවතම පුවත්|

යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් සංවිධාන කළ ''අද්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් සඳහා'' යන්න තේමා පෙරදැරිව ‘යොවුන් දහම් සක්මන 2019 ‘ සදහම් වැඩසටහන පෙබරවාරි මස 10 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථකව නිමාවට පත් විය.

මාතලේ ශාක්‍යමුනි මහාසෑයේ හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය

2019-02-02T21:38:35+05:30January 31st, 2019|News, නවතම පුවත්|

මාතලේ, මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුක්තව මහා සංඝරත්නයේත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේත් අසීමිත කැපවීමෙන් ඉදිවන අඩි 145 උසැති සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ උතුම් ධාතු නිධානෝත්සවය පෙබරවාරි මස 17 වන ඉරු දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවන වගයි......

යොවුන් දහම් සක්මන – 2019

2019-01-26T18:42:33+05:30January 26th, 2019|News, නවතම පුවත්|

සෑම වර්ෂයක ම පෙබරවාරි මාසයේ යොවුන් ඔබ වෙනුවෙන් ම පැවැත්වෙන, තාරුණ්‍යය අඳුරු කර නොගෙන යා යුතු මග පැහැදිලිව කියා දෙන, "යොවුන් දහම් සක්මන" විශේෂ සදහම් වැඩසටහන අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් පෙබරවාරි 10 ඉරිදා සවස 1.00 සිට සවස 6.00 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී..

“බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?” පර්යේෂණ ග්‍රන්ථය දොරට වඩී

2019-01-18T21:13:16+05:30January 18th, 2019|News, නවතම පුවත්|

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලදුව දිවයින පුවත්පතේ සහ මහාමේඝ පුවත් සඟරාවේ “බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?” යන නමින් පළකරන ලද පර්යේෂණ ලිපි පෙළ එකතු කොට සැකැසුණු ග්‍රන්ථය දැන් මහාමේඝ ප්‍රකාශනයක් ලෙසින් ඔබ අතට.....

දමිළ දරුවන් වෙනුවෙන් සිදුකෙරුණු පාසල් උපකරණ පරිත්‍යාගය (ඡායාරූප)

2019-01-12T20:29:53+05:30January 12th, 2019|News, නවතම පුවත්|

පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු පළාත තුළ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය නිසා එම ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව දැඩි ලෙස අසරණතාවයට පත්වුණා. මෙසේ අසරණතාවයට පැමිණි ජනතාවට සවියක් වීම සළකා ඔවුනගේ සුභ සෙත උදෙසා, එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ‍්‍රද්ධා සමාජ සත්කාර ඒකකය විසින් පාසැල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය ලබා දීමේ පුණ්‍යකර්මයක් පසුගියදා සිදු කළා. මෙහිදී කිලිනොච්චියේ කණ්ඩාවලෛ මහා විද්‍යාලය, ධර්මපුරම් අම්බිකයි විද්‍යාලය, මුලතිව් නෙත්තලියාරු දෙමළ විද්‍යාලය යන පාසල් තුන කේන්ද්‍ර කර ගනිමිනුයි මෙම පාසැල් උපකරණ බෙදා දීම සිදු වුණේ. මේ පින්කමේදී 350 කට අධික දරුවන් පිරිසක් උදෙසා පාසැල් බෑග් හා අනෙකුත් පාසැල් උපකරණ ඇතුළු රු.3500කට අධික වටිනාකමකින් යුතු අංග සම්පුර්ණ පාසැල් උපකරණ කට්ටලයක් බැගින් ලබාදීම සිදුවුනා. මෙසේ බෙදා දුන් ආධාරවල වටිනාකම රුපියල් මිලියනයකට අධිකයි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයට සම්බන්ධ සැදැහැවතුන්ගේ හා ශ‍්‍රද්ධා රූපවාහිනී පේ‍්‍රක්ෂක, ලක්විරු ගුවන්විදුලි ශ්‍රාවක ඔබගේ ද්‍රව්‍යමය හා මූල්‍යමය දායකත්වයෙන් මෙම පින්කම සාර්ථක කරගැනීමට ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයට හැකියාව ලැබුණා.

Comments Off on දමිළ දරුවන් වෙනුවෙන් සිදුකෙරුණු පාසල් උපකරණ පරිත්‍යාගය (ඡායාරූප)

ශ්‍රද්ධා රූපවාහිනියේ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව සහ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය

2019-01-09T16:29:43+05:30December 31st, 2018|News, නවතම පුවත්|

ශ්‍රද්ධා නාලිකාව පවත්වාගෙන යන්නට අත දෙන ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වතුන්ටත් ආරම්භයේ සිට ම ශ්‍රද්ධා නාලිකාවට උපකාර කළ සැමදෙනාටත් ගෙවීගිය ව්‍යවහාර වර්ෂය පුරාවට රැස්කළ සියලු පින් අනුමෝදන් කොට සෙත් පැතීම උදෙසා 2018 දෙසැම්බර් 29 දින රාත්‍රියේ විශේෂ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනයක් සහ සර්වරාත්‍රික පිරිත් දේශනයක් ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුනා. සියල්ලෝම මේ පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2018 දෙසැම්බර්

2018-12-31T08:53:03+05:30December 31st, 2018|News, සදහම් පරිත්‍යාග|

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම […]

Go to Top