නමෝ බුද්ධාය!
ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා නිධන් කොට හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී අංගුලිමාල මහාසෑයේ පේසාවළලුවල මූලික කටයුතු මේ වන විට අවසන් වී තිබේ. එහි ඉදිරි කටයුතු ආරම්භ කිරීමට පෙර මහා සංඝගත දක්ෂිණාවක් 2019 ජුනි මස 15 වන දිනයේදී චෛත්‍යයේ පේසාවළලු මතදීම පූජා කරන්නට යෙදුනි. මෙම මහා දානමය පින්කම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලා සියක් නමක් පමණ වැඩම කරන ලදී.
පින් කැමති සියල්ලෝ මෙම උතුම් පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!
Sadhu Sadhu Sadhu…. ! Anumodami… Anumodami… Anumodami…!
Saduu saduuu saduuuu….
Namobudhaya , harima lassana pinkamak.Siyaludanatama pinsiduwewa.Sadu,sadu saadu:
මට මේ පිංකමට සහාභාගී වෙන්න බැරි වුණත් මේ පින්තූර ටික බලලා ලොකු පිංකමකට දායක වුණ වග දැනුණා.
තව තවත් මෙවනි චෛත්‍ය ගොඩනැගීමට සියලුම දෙනාට පිං ලැබේවායි ප්‍රාර්ථනා කරමි.