කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ ”මව්බිම වෙනුවෙන් එක්වෙමු” වැඩසටහන මගින් රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල (Covid-19 Medical Communication Kit) පරිත්‍යාග කිරීම 2020-04-06 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ආරක්ෂිත ඇඳුම් මැසීමෙන් උපකාර කළ මහනුවර ඩී-ෆැෂන්ස් ආයතනයේ අධිපතිතුමන් වන පින්වත් දිලුක්ෂ ජයතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත්, ආණමඩුව ජයමිණි ගාමන්ට්ස් ඇන්ඩ් ප්‍රින්ටර්ස් හි අධිපති පින්වත් සුපුන් ජයමිණි නිශ්ශංක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත්, Herbal Care Industries ආයතනයේ පින්වත් සුරාජ් පෙරේරා මහතා සහ ලේඛා වනසේකර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් විවිධ අයුරින් උපකාර කළ සියලු මහත්ම මහත්මීන්ටත් කෘතවේදී පූර්වකව මෙසේ පුණ්‍යානුමෝදනා කර සිටිමු. මේ උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඉතාමත් මෙත් සිතින් දායකත්වය ලබා දුන් ඔබ සෑම සියලු දෙනාටත්, ඔබගේ ආයතනවල සියලු කාර්ය මණ්ඩල වලටත් , පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා .! උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුනු වසංගත තත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
Mahamevnawa Monastery2020-04-09T14:00:25+05:30April 8th, 2020|News, සමාජ සත්කාර|Comments Off on රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම