ඇතිවී ඇති හදිසි තත්වය සලකා, ශ‍්‍රී ලංකා ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම පිණිස…

  • සියලුම මහමෙව්නා භාවනා අසපු ශාඛා මධ්‍යස්ථානයන්හි පැවැත්වෙන මාසික සීල භාවනා වැඩසටහන්, යොවුන් වැඩසටහන්, ළමා වැඩසටහන් ආදී පිරිස එක්රැස් වෙන සියලු වැඩසටහන් යලි දැනුම් දෙනතුරු නවතා දැමීමට තීරණය කර තිබේ.
  • හලාවත, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන අංගුලිමාල මහා සෑයේ ශ්‍රමදාන කටයුතු යලි දැනුම් දෙනතුරු නවතා තිබේ.
  • යළි දැනුම් දෙනතුරු පොල්ගහවෙල සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවත්, කඩුවෙල සිරිපා මහා විහාරයත් වසා තබනු ලැබේ. නමුත් නිසි සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළක් යටතේ සිරි ගෞතම සිරිපා විහාරයේ සම්බුද්ධ පූජා තේවාවන් පෙර පරිදි ම පැවැත්වෙනු ඇත.
  • මාර්තු, අප්‍රේල් මාසවල පැවැත්වීමට නියමිතව තිබූ මහාවංශාභිමානී ව්‍යාපාරික සංසදයේ සමාරම්භක සම්මේලනය එදිනට නොපැවැත්වෙන අතර, එය පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.
  • රටෙහි පවතින හදිසි තත්වයට සවියක් වීම පිණිස, ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන්දෙන කාලයක් වන මාර්තු අප්‍රේල් මාසවල පැවැත්වීමට නියමිත ශ්‍රද්ධා රුධිරදාන ලේ දන් දීමේ කඳවුරු මාලාව දිවයින පුරා පිහිටි මහමෙව්නාව භාවනා අසපු ආශ්‍රිතව නිසි ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ කාරුණික සහයෝගය ලබා දෙන්න.
  • පවතින හදිසි තත්වය පහව යනතුරු ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ සෑම දිනකම රාත්‍රී 09.00 ට සජීවීව පැවැත්වීමට නියමිත සෙත් පිරිත් සජ්ඣායනයට සියලු ලෝ වාසීන් වෙත නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින්, සියලු දෙනා නිවසේ සිට සම්බන්ධ වන්න.

තෙරුවන් සරණයි!