මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 25 වන දින (2020-08-25) කළුතර,බෝම්බුවල,මානානවත්ත ගිලන් භික්ෂු රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

භික්ෂු ගිලන් කුටි 70 කින් සමන්විතව ඉදිවන මෙම ගිලන් භික්ෂු රෝහලේ ගිලන් කුටි 40 ක් සඳහා දායකත්වය භාරගෙන ඇති අතර තවත් ගිලන් කුටි 30 ක් සඳහා දායකත්වය ලබා දීමට පින්වත් ඔබට අවස්ථාව උදාවී ඇත.

මේ උතුම් ගිලානෝපස්ථාන පුණ්‍යකර්මයෙන් රැස්වන සියලු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා…

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන කිරීමේ පින්කම අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ...

Posted by Shraddha TV on Tuesday, August 25, 2020