ගෞතම බුදු සසුනේ පිළිසරණ පතා උතුම් අනගාරිකා පැවිදි බව ලබා විවේකීව පිළිවෙත් පුරන පින්වත් මෑණියන් වහන්සේලාගේ නිරාමිෂ පැවැත්ම උදෙසා දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ අභිනවයෙන් ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2020/08/30 වැනි දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේද පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාගේද සහභාගීත්වයෙන් සිදුවිය.

අනගාරිකා මෑණියන් වහන්සේලා උදෙසා කුටි 50 කින් සමන්විතව ඉදිවන මෙම කුටි සංකීර්ණයේ කුටි 08 ක් සඳහා දායකත්වය භාරගෙන ඇති අතර තවත් කුටි 42 ක් සඳහා දායකත්වය ලබා දීමට පින්වත් ඔබට අවස්ථාව උදාවී ඇත.

පින් කැමැත්තෝ මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා…!