පොල්ගහවෙල ප්‍රාදේශීය රෝහලට අඩුවක්ව පැවති ECG යන්ත්‍රයක් සහ රුධිර පීඩන මාන 5 ක් ඇතුලුව තවත් වෛද්‍ය උපකරණ කට්ටල් කිහිපයකුත් අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යයනුත් පරිතග්‍යාග කිරීම පසුගිය නොවැම්බර් මස 08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන්නට යෙදුනා.

බුද්ධෝපස්ථානය හා සම වූ මෙම ගිලානෝපස්ථාන පුණ්‍ය කර්මය සඳහා නන් අයුරින් දායක වූ පින්වත් සැමට හා දැකබලා අනුමෝදන්වන සියලු දෙනාට නිදුක් නීරෝගී සුවපත් භාවය පිණිසත් සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ මහානීය පින හේතුවාසනා වේවා!