පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනි.

මෙම කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලැබූ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ පින්වත් දමයන්ති ජයකොඩි මැතිණිය විසිනි.

එම පින්වතුන් දෙපළ ඇතුලු පවුලේ දූදරුවන්, නෑ හිතමිතුරන් ආදී සැමටත්,

දහස් සංඛ්‍යාත දෙව් බඹුන් අපමණ පින්ඵල නෙළාගත් මෙම උතුම් පින්කම සඳහා සහභාගී වුනු, නන් අයුරින් උදව් උපකාර කළ, නන් අයුරින් දායක වුනු, වෙහෙස මහන්සි වූ සියලු පින්වතුන්ටත්,

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියලු රණවිරුන්ටත්, මෙම පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වන ඔබ සැමටත්

මේ සියලු පුණ්‍යානුභාවයෙන් මෙලොව ජීවිත වාසනාවන්ත වේවා! පරලොව සුගති සැප සැලසේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ සියලු පින් හේතු වාසනා වේවා!

  • පිරිත් අනුශාසනාව (පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි) >> Video

  • කඨින චීවරය සඟසතු කිරීමට පෙර අනුශාසනාව (පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි) >> Video

  • කඨිනානිශංස ධර්ම දේශනය (පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි) >> Video

  • කඨින පින්කමට පෙර දින රාත්‍රී පිරිත් සජ්ඣායනය, ආලෝක පූජා, ශබ්ද පූජාවන්ගේ (ඡායාරූප)