බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
5-13. ඇට සැකිලි ප්‍රේතයාගේ කථා වස්තුව
ගිනියම් වුණු යකඩ කුළුගෙඩි හැටදහසක් ඔහුගේ ඔළුවට එකවරටම වේගයෙන් වදිනවා. එතකොට ඔළුව පැලෙනවා. ප්‍රේතයා යටිගිරියෙන් කෑ ගහනවා. ආයෙ ටික වෙලාවකින් නැවත හාවෙනවා. ආයෙමත් ගිනිගෙන දැවෙන යකඩ කුළුගෙඩිවලින් ඔලුවට වදිනවා. ආයෙමත් හාවෙනවා.
ලේ දන්දීමේ කඳවුර
මේ එළඹෙන කාලය බොහෝමයක් හදිසි අනතුරු නිසා රෝගී වූවන්ගෙන් රෝහල් පිරී යන කාලයක් වගේ ම ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිර පරිත්‍යාග ලැබෙන සමයක් ද වෙනවා. එම අඩුව පුරවාලන ශ්‍රද්ධා රුධිර දාන පුණ්‍ය ව්‍යාපෘතිය විසින් [...]
පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති ලේ දන්දීමේ පින්කම
"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන පසුගිය ඉරිදා දින (2016-08-21 වන දින) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුනා.
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය – 2016
දිවයිනේ නන් දෙසින් තෝරාගත් සිංහල සහ දෙමළ සිසු දරු දැරියන් 750 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ලබා දීම සහ පසුගිය වසරේ අ.පො.ස (උ.පෙළ/සා.පෙළ) කඩයිම් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යත්වලාභී දරුවන්ට පදක්කම් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය
ගැබිණි මව්වරුන් වෙනුවෙන් ආශිර්වාද පූජාවක්
පොළොන්නරුව තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී 500කට අධික වූ ගැබිණි මව්වරුන් උදෙසා 2016-08-13 වන දින සදහම් වැඩසටහනක් පවත්වන්නට යෙදුණි. උදෑසන පටන් සදහම් දේශනා, සීල භාවනා වැඩසටහන් සහ ආශිර්වාද පිරිත් සජ්ඣායනා පැවැත්විණි.
නිකිණි පුන් පොහොය
දෙවෙනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන්පොහෝ දින පසුවී දෙවැනි දවසෙහි තනවන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි උතුම් රහතන් වහන්සේලා ආනන්ද තෙරුන්ට අසුන තබා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට වැඩසිටියහ. ආනන්දයන් වහන්සේ තමන් උතුම් අරහත්වය සාක්ෂාත් කළ බව අන් තෙරවරුන්ට හඟවනු පිණිස.....
014. වාතමිග ජාතකය
ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ. අහෝ! ලෝකයෙහි රස තෘෂ්ණාව යනු ඒකාන්තයෙන් ම ලාමක දෙයක් ම යි!
5-12. සර්ප පේ‍්‍රතයාගේ කථා වස්තුව
ඔහුගේ මුහුණ මිනිහෙකුගේ වගේ. ඔහුගේ ශරීරය යොදුන් විසි පහක් විතර දිග ඇති. සර්පයෙකුගේ ඇඟක් තමයි තියෙන්නේ. ඔහුගේ ඔළුවෙන් ගිනිදැල් මතුවෙනවා. නගුට දක්වා පිච්චි පිච්චී යනවා. නගුටෙන් ගිනිදැල් මතුවෙනවා. ඔළුව දක්වා පිච්චෙනවා. ඇඟ වටේටත් ගිනිදැල් එතෙනවා. එතකොට එ් සර්ප පේ‍්‍රතයා එහාට මෙහාට ඇඹරෙනවා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 4
“දේවයන් වහන්ස, මේ ලෝකයේ දුකකට, භයකට, විපතකට අන්තරායකට පත් සත්වයන්ට බුදුරජාණන් වහන්සේ සරණ යෑම හැර, ධර්මය සරණ යෑම හැර, ආර්ය සංඝයා සරණ යෑම හැර වෙන කිසි පිහිටක් නෑ. මං බේරුනේ මගේ හාස්කොමකට නොවෙයි. උතුම් ත්‍රිවිධ රත්නයේ ඇති හාස්කම නිසයි.
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 ජූලි
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ ජූලි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 30ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන ගරු [...]










