බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
තිසරණයේ අනුහසින් රැකුණු නන්දිය සිටුවරයා
පින්වතුනේ, පින්වත් දරුවනේ, සරණ කියන්නේ හැබෑම රැකවරණයක්. ගින්නට ළං නොවන මැස්සන් වගේ හොඳින් තිසරණයෙන් රැකවරණය තිබෙන කිසි කෙනෙක් ළ ඟට අනතුරු ළං වෙන්නේ නෑ. නන්දිය උපාසක බේරුනේම තිසරණ ආනුභාවයෙන් ම යි. නන්දිය සිටුවරයා ඉතා සුවසේ ගෙදර පැමිණියා. බිරිඳ තමන්ට සිදු වූ සියලු බලපෑම් ගැන විස්තර කළා. ඔවුන් සුවසේ පින් දහම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මිනිස් ලොවින් සමුගෙන දෙවියන් අතර උපන්නා.
දකුණු කොරියාවේ නව අසපුව
නමෝ බුද්ධාය! ශ්‍රී මත් සුගත තථාගත අප ශාස්තෘන් වහන්සේගේ නිර්මල දහම ලොවපුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් අප ගුරුදේවෝත්තම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අරඹන ලද මහමෙව්නාව නම්වු පුණ්‍ය ආයතනයේ තවත් එක් ශාඛාවක් දකුණු කොරියාව තුල [...]
සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහා සෑ රජුන් බුදු සසුනට පූජා කළ වගයි
ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදි වූ සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහ සෑ රජුන් 2016-06-11 දින ගෞතම බුදු සසුනට පූජා කරන ලදී. උත්තම වූ සෑ රජුන් තුළ ශ්‍රීමත් සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ [...]
දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු
සක් දෙවිඳුගේ උතුම් ව්‍රත හත ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂූන් වහන්සේලා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට [...]
රුවන් සිරස පාද සෙත් ශාන්තිය
මේ වනාහී අභාවයට පත් එක්තරා උපාසක මහතෙකුගෙන් ලැබුනු සෙත් ශාන්ති ක්‍රමයකි. එකල අපේ මුතුන් මිත්තන් ඉතා අහිංසක ආකාරයට සෙත් පැතීම පිණිස රතන සූත්‍රය ඇසුරෙන් රචනා කොට ඇත්තේය. මෙය විශේෂයෙන් රෝගීන්ට සෙත් පැතීම පිණිස භාවිත කොට [...]
සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහාසෑය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය
ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහ සෑ රජාණන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය මෙම මස 11 වන දින සිදු කිරීමට නියමිතයි. මෙම සෑ ගර්භය තුළ අලංකාර බුද්ධ ප්‍රතිමාවකුත් [...]
013. කණ්ඩින ජාතකය
“මහණෙනි... මේ භික්ෂුව පෙර ආත්මෙකත් ඔය ගැහැණිය නිසා ම මරණයට පත්වුනා. අනුන්ට ආහාර පිණිස ගිනි අඟුරු ගොඬේ පිළිස්සෙන මසක් වුනා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ යටගිය කතාව කියාදෙන ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා."
සුව දිවියට අත්වැලක් – සෞඛ්‍ය කඳවුර
ගංවතුර නිසා විවිධ රෝගාබාධයන්ට ලක් වී නිසි ප්‍රතිකාර ගැනීමට නොහැකිව අසරණව සිටින අපි වගේ ම නිරෝගී සැපයට කැමති සහෝදර ජනතාව වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වූ සෞඛ්‍ය කඳවුර 2016 මැයි 28 වැනි දින කඩුවෙල හේවාගම [...]
කාම සූත්‍රය – කාමයන් ගැන වදාළ දෙසුම
● මේ දෙසුමේ පසුබිම : එක්තරා බ්‍රාහ්මණ ගොවියෙක් සැවැත් නුවර අචිරවතී ගං තෙර යව කෙතක් වපුරන්නට විය. ඒ අසළ මාවතේ පිඬු පිණිස වැඩි භාග්‍යවතුන් වහන්සේ මොහු වපුරන මේ යවසහල් කෙත මහා වැස්සෙන් විනාශ වීම නිසා [...]
භාතිකාභය අපේ රජතුමා(අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 3)
ඒ වගේම දරුවනේ.... භාතිය රජ්ජුරුවෝ බණ අහන්ටත් ආසයි. එදා පෝය දවසක්. ඉතින් මේ රජ්ජුරුවන්ට බණක් අහන්ට ආසා හිතුනා. ලෝවාමහා ප්‍රාසාදයේ තිබුණු අලංකාර ලී කැටයම් දැමූ බණ මඩුව ලස්සනට සැරසුවා. ධර්මාසනයත් සැරසුවා. ඒ කාලේ බණට ඉතා ප්‍රසිද්ධව හිටපු ධර්ම කීර්ති පණ්ඩිත කියන උපාසකතුමාට ආරාධනා කළා. “පණ්ඩිතයෙනි, මං අද තුණුරුවන්ගේ ගුණ කියවෙන ජයමංගල ගාථාවකින් බණක් අහන්ට සතුටුයි” කිව්වා. ධර්ම කීර්ති පණ්ඩිතයෝ වටාපතත් අතට ගෙන බණ පුටුවට ගොඩවුනා. රජ්ජුරුවන්නේ මුහුණ බැලුවා. ‘මං අද අපේ දේවයන් වහන්සේගේ සිත සතුටු වන අයුරින් බණ ටිකක් කියන්ට ඕනෑ’ කියලා ධම්ම පදයේ බ්‍රාහ්මණ වර්ගයට අයත් මේන්න මේ ගාථාව මාතෘකා කළා