බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
A special short story for Wesak Poya
It was a half full moon day. Some groups of people gathered at the Great Ruwanveli Stupa and worship it preaching some stanzas beautifully. There is a pleasant smell all around the Stupa premises. There are flowers offered around the great Stupa, which looks like a great mountain arose from beneath the earth.
මහමෙව්නාවේ පින්බර වෙසක් මංගල්‍යය
බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඉදිකරනු ලැබූ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව මුළුමනින්ම විදුලි බුබුළින් වැසී යන පරිද්දෙන් අලංකාර කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන ආමිෂ පූජාවක් ලෙසිනුයි. එමෙන්ම අසපුව පුරා වෙසක් කූඩු එල්ලා අලංකාර තිබූ අතර සම්බුද්ධ රාජ මාලිගාවේ සලපතල මළුවේ දර්ශනීය පහන් කූඩුවක් ද ඉදිකොට තිබුනා. මේ සියලු වෙසක් සැරසිලි වලින් මුළු මහමෙව්නාව භාවනා අසපුව පුරා අමුතුම සිරියාවක් ගෙන දුන්නා.
❀ සිතාගන්නට පුළුවනි..! ❀
වෙසක් සඳ නැගෙන විට - සල්මල් සුවඳ එන විට සාධු හඬ ඇසෙන විට - සිතා ගන්නට පුළුවනි අද වැනි පොහො දිනෙක - බෝසත් උපත වූ වග වෙසක් සඳ නැගෙන විට - සිල් සුවඳ පැතිරෙන විට දන්සැල් දකින විට - සිතා ගන්නට පුළුවනි ගෞතම අප මුනිඳු - සම්බුදු බවට පත් වග
වෙසක් පුන් පොහොය
සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, පාත‍්‍රය නේරංජාවේ උඩුගං බලා හසුරුවා ඇසතු රුක දෙසට පැමිණෙමින් සිටි අප මහා බෝසතාණන් හට සොත්ථිය බමුණා කුසතණ අට මිටක් පුද කළේය. එය ද රැගෙන නේරංජරා ගංතෙර බෝරුක් සෙවණේ වජ‍්‍රාසනය මත කුසතණ අතුරා සංඝාටිය මත වැඩ සිටි සේක. චතුරංග සමන්නාගත පුරුෂ වීර්යයෙන් වැඩසිටි අප මහා බෝසතාණන් වහන්සේ ඒ සොඳුරු වෙසක් පෝ දිනේ දස මර සෙන් පරදා, ති‍්‍රවිද්‍යාව ලබා ගෞතම නමින් උතුම් සම්බුද්ධත්වය ලැබූ සේක.
දෙව්ලොව උපන් සුමෝහිත හිමි
එකම පවුලක දරු දෙදෙනෙක් හිටියා. ඔවුනුත් නිතර ධර්මය ඇසුවා. ඔවුන්ටත් ගෞතම බුදු සසුනේ මහණදම් පුරන්න ආසා හිතුනා. දෙමාපියන් ගෙන් අවසර ගෙන මේ දරු දෙදෙනා ඉතා ශ‍්‍රද්ධාවෙන් මහණ වුනා. උපසම්පදාත් වුනා. වැඩිමහල් භික්ෂුවට මෝහිත යන නම ලැබුනා. බාල භික්ෂුවට සුමෝහිත යන නම ලැබුනා.
001. අපණ්ණක ජාතකය
මේ කථාව නිසා තිසරණය කියෙන්නේ නිදොස් ප‍්‍රතිපදාව කියල අර උපාසක වරුන්ට වැටහුනා. තිසරණයෙන් බැහැර ඇති පිහිට තියෙනවා කියන තැන් අර අමනුස්සයන් ගේ මායාව වගේ කියලත් අවබෝධ වුනා. භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් පිළිසරණ ඒ උපාසකවරුන්ට තේරුනා. ඔවුන් සියලු දෙනා සෝවාන් ඵලයට පත් වුනා.
අසිරිමත් ශාස්තෘත්වය
“පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුණත් අපහාස කරනවා නම්, ධර්මයට වුණත් අපහාස කරනවා නම්, සංඝයාට වුණත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි.
සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ උපහාර ගීතය
පද රචනය - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ නර්තනය - ආර්. එස්. පින්නපොල ගුරුපියාණන්ගේ සිසු දරු දැරියන් සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ උපහාර ගීතය වෙනුවෙන් ඉමහත් ශ්‍රද්ධාවෙන් කැපවුනු මේ [...]
The Supreme Buddhas’ Great Compassion
The realization our Lord Buddha attained when He became the Supreme Buddha was a miraculous thing, an extraordinary thing, and a wonderful thing. With that realization, He freed Himself from the suffering of Samsara.




