මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ලොවට උතුම් පින්කෙත වූ ශ්‍රාවක නමදින්නේ…

බලන්න… ඒ ශ‍්‍රාවක සංඝයා කෙරෙහි විශාඛාව තුළ පැහැදීම තිබිච්ච හැටි. විශාඛාව බුදුරජාණන් වහන්සේගෙන් වර කිහිපයක් ඉල්ලුවා. ඒ ඉල්ලපු එකක් තමයි, ”ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ආගන්තුකව මේ සැවැත් නුවරට වඩින සියලූම ස්වාමීන් වහන්සේලා මගේ මේ පූර්වාරාමයට වැඩම කරලා ආගන්තුක දානය වළඳන්න, ආගන්තුක දානය දීමේ අවසරය මට දෙන්න” කිව්වා.

October 21st, 2014|Comments Off on ලොවට උතුම් පින්කෙත වූ ශ්‍රාවක නමදින්නේ…

නේක ගුණැති සඟරුවන වඳින්නේ…

බුද්ධ ශාසනයක විතරයි දස කථා අහන්න ලැබෙන්නේ. ඒ දස කථා තමයි අප්පිච්ඡ කථා. අප්පිච්ඡ කථා කියන්නේ ආශාවන් අඩු, ආශාවන් නැතිව ජීවත්වීම ගැන කතා කරනවා. මේ ධර්ම මාර්ගයට ආපු එක් කෙනා එහෙම කතා කරන්නෙ නැත්නම් ටික ටික ඒක වැඩිවෙනවා. එතකොට රහතන් වහන්සේලා අතර, රහතන් වහන්සේලාගේ පරිසරය තුළ ගොඩක් මාර්ගඵලලාභීන් බිහි වෙන්නේ ඒකයි. මේ දස කථාව නිසා. සාමීචිපටිපන්න නිසා.

October 21st, 2014|Comments Off on නේක ගුණැති සඟරුවන වඳින්නේ…

ආර්ය මහා සංඝරත්නය සුපටිපන්න වන සේක…

හරි පුදුමයි මේ ලෝකේ… උදාර මනුෂ්‍යයන්ව ඔබ දකින්න ඕන නම් මම පරිවර්තනය කරලා තියෙනවා “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” කියලා ‘ථේර ථේරී ගාථා’. ලෝකයේ ශ්‍රේෂ්ඨම අය දකින්න ඕන නම්, අන්න ඒවා කියවන්න ඕන. මේ ලෝකෙ ශ්‍රේෂ්ඨම අයගේ ගති, ඒ අය හිතපු ඒවා, අදහස් ඔක්කෝම තියෙනවා. ඒක අපි සීඞී එකකට හදලා තියෙනවා “ථේර ගාථා” කියල. හරි වටිනවා. ඒක අහද්දි ඒ යුගයට අපිව යනවා. අතිශයින්ම සුන්දරයි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය. ඒ ශ‍්‍රාවක සංඝයාගේ ගුණ අපි හිතන්නේ නැත්නම්, අපිට අවබෝධ වෙන්නෙ නැත්නම්, අපේ හිත පහදින්නේ නෑ.

October 21st, 2014|Comments Off on ආර්ය මහා සංඝරත්නය සුපටිපන්න වන සේක…

ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම

උන්වහන්සේ බරණැසට වැඩම කරපු වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා එකපාරට පිළිගත්තද? නෑ… මොකද අර මතයේ හිටපු නිසා. ඈතම දැක්කා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකපු වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිතේ ඇතිවුන අදහස මොකක්ද?… ‘ඔය එන්නෙ අපි ලඟට අන්තිමට. අන්තිමට අපි ලඟටම ඔය එන්න වුනේ’ කියලා හිතුනා. හිතිල කතාකර ගත්තා. ‘උසස් කුලේක නිසා අපි ආසනයක් විතරක් තියමු. අපි සළකන්න යන්න ඕන නෑ’ කියලා.

October 21st, 2014|Comments Off on ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම

The Buddha with Ten Extraordinary Powers

we have received many things in this human world. Meanwhile, we were also able to hear about the rarest and immaculate life of a Supreme Buddha. We also heard about taking refuge in the Most Exalted One (the Buddha), in the Dhamma comprised of the Four Noble Truths that He disclosed to us, and in His disciple noble Sangha.

October 21st, 2014|Comments Off on The Buddha with Ten Extraordinary Powers

සරණ යමු අපිත් ඒ මිහිරි දම් අමා දුන්…

ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ”ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූ” කියන ලක්ෂණයෙන් යුක්තයි. ”ධම්මං සරණං ගච්ඡාමි” කියලා අපි සරණ යන්නේ ඒ ධර්මයයි කියන තැනට අපි එන්න ඕන. එතකොට ඔය විදිහට ධර්මය තේරුම් අරගෙන සිත පහදින්න නම් අපට යම්කිසි නුවණක් ඕන නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මාගේ මේ ධර්මය ”ප‍්‍රඥාවන්තයින් උදෙසා” කියලයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුනාගන්නේ ප‍්‍රඥාවන්ත කෙනෙක්. අපට ප‍්‍රඥාවන්ත කෙනා මොන විදිහද කියලා එක පාරට හොයන්න බෑ.

October 21st, 2014|Comments Off on සරණ යමු අපිත් ඒ මිහිරි දම් අමා දුන්…

ඒහිපස්සික යි සදහම් ~ සිත පහදාගන්නේ…

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට නුවණින් විමස විමසා බලන්න කියලා. දැන් නුවණින් විමස විමසා බලන්න කියනවා ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. ඊළඟට නුවණින් විමස විමසා බලනකොට මේක අනිත්‍යයි, මේක දුකයි, මේක තමාගේ වසඟයේ පවත්වන්න බැරි (අනාත්ම) දෙයක් ය කියලා අවබෝධ වෙන්න වෙන්න, අපට මේකෙන් නිදහස් වෙන්න ඕන වෙනවා.

October 21st, 2014|Comments Off on ඒහිපස්සික යි සදහම් ~ සිත පහදාගන්නේ…

The Arahants who attained the Nibbana

It is a pleasant thing even just to hear the name ‘Arahant (a disciple of the Supreme Buddha who attained the enlightenment)’. Seeing an Arahant is indeed a fortune. These Arahants who were among the [...]

October 21st, 2014|Comments Off on The Arahants who attained the Nibbana

Pleasing the mind

Dear devotees and children, The mind is the root for everything. It is the foremost. Therefore, all the merits and sins are created by the mind. If someone does something with a clean mind, the [...]

October 21st, 2014|Comments Off on Pleasing the mind

Merits that bring you joy…

The Supreme Buddha preached as follows:   “Māwamaññētha puññassa na man tan āgamissati Udabindu nipātēna udakumbhōpi poorati Poorati dhiiro puññassa thōka thōkampi ācinan” (Dhammapada – Pāpa Vagga) “Don’t ignore even a small merit thinking that [...]

October 20th, 2014|Comments Off on Merits that bring you joy…
Go to Top