ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය පූජා මංගල්‍යය – පළමු දිනය
අපගේ පරම පූජනීය කල්‍යාණමිත්‍රයන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය දෙව් මිනිසුන්ගේ වන්දනා මානන සඳහා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (2018-10-13) දිනයේදී පැවැත්වුනා.
සාමණේර ස්වාමීන් වහන්සේලා 500 නමක් වෙනුවෙන් පැවැත්වූ දහම් වැඩමුළුව (ඡායාරූප)
පින්වත් සාමණේර ස්වාමීන් වහන්සේලා පන්සිය නමක් උදෙසා පැවැත්වුනු සුවිශේෂී සදහම් වැඩමුළුව සහ දහවල දානමය පින්කම ඔක්තෝබර් මස 1 වැනි දිනට යෙදුන ලෝක ළමා දිනයේ දී අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපු පින්බිමේ දී පැවැත්විණි.
ශ්‍රී මිහිඳු පුර අටවක පුණ්‍ය මහෝත්සවය
ශ්‍රී මිහිඳු පුර අටවක පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වප් මස 16 (ඔක්තෝබර් 16) වෙනි දිනට යෙදෙන “ශ්‍රී මිහිඳු පුර අටවක” පොහොය නිමිති කරගෙන ඔක්තෝබර් 13, 14, 15, 16 යන දිනයන්හි සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වේ. සවස 5.30 සිට 6.30 දක්වා – අරහන්ත වන්දනාව සවස 6.30 සිට රාත්‍රී 8.30 දක්වා – විශේෂ ධර්ම දේශනාව
ලේ දන්දීමේ පින්කම | 2018-09-09 (ඡායාරූප)
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 27 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2018-09-09 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 368 පමණ පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළහ. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනි. එමෙන්ම රුධිරදායකයන් සියලු දෙනාටත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දහම් පොත් පත් සහ ධර්ම දේශනා ඇතුලත් සංයුක්ත තැටි ධර්මදානයක් ලෙස ලබාදෙන ලදී. “මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා! සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
සදහම් පොත් පරිත්‍යාග – 2018-08-25
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් පසුගිය නිකිණි පුන් පොහෝදා (2018-08-25) සදහම් පොත් කට්ටල් 6 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ, ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා රන්මැලි, ජින්නපුරම්, පුල්මුඬේ. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම, කොළඹ. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි, කුරුණෑගල පාර, මදුරගම, පුත්තලම. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන, මන්ඩතිව්, යාපනය. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ, ඩෙල්ෆ් දූපත, යාපනය. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව, කයිට්ස් දූපත, යාපනය. සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා! මෙම උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදීමට ඔබත් කැමති නම් වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න >> https://mahamevnawa.lk/book-donation/book-donation-how-to-donate/