ලේ දන්දීමේ පින්කම _ 2016-09-18
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 21 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2016-09-18 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 250 පමණ පිරිසක් [...]
සරසවි සිසුන්ගේ වාර්ෂික දානමය පින්කම
සරසවි සිසුන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් 2016 සැප්තැම්බර් මස 10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි විශේෂ සදහම් වැඩසටහනක් සහ පසු දින (11) මහා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුනා. මෙම විශේෂ පුණ්‍ය කර්මය සඳහා....
ලේ දන්දීමේ කඳවුර
මේ එළඹෙන කාලය බොහෝමයක් හදිසි අනතුරු නිසා රෝගී වූවන්ගෙන් රෝහල් පිරී යන කාලයක් වගේ ම ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිර පරිත්‍යාග ලැබෙන සමයක් ද වෙනවා. එම අඩුව පුරවාලන ශ්‍රද්ධා රුධිර දාන පුණ්‍ය ව්‍යාපෘතිය විසින් [...]
පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති ලේ දන්දීමේ පින්කම
"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන පසුගිය ඉරිදා දින (2016-08-21 වන දින) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුනා.
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය – 2016
දිවයිනේ නන් දෙසින් තෝරාගත් සිංහල සහ දෙමළ සිසු දරු දැරියන් 750 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ලබා දීම සහ පසුගිය වසරේ අ.පො.ස (උ.පෙළ/සා.පෙළ) කඩයිම් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යත්වලාභී දරුවන්ට පදක්කම් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය
ගැබිණි මව්වරුන් වෙනුවෙන් ආශිර්වාද පූජාවක්
පොළොන්නරුව තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී 500කට අධික වූ ගැබිණි මව්වරුන් උදෙසා 2016-08-13 වන දින සදහම් වැඩසටහනක් පවත්වන්නට යෙදුණි. උදෑසන පටන් සදහම් දේශනා, සීල භාවනා වැඩසටහන් සහ ආශිර්වාද පිරිත් සජ්ඣායනා පැවැත්විණි.






