News

News2016-11-08T10:09:29+05:30
3101, 2015

අභිනව දාන ශාලාව සඳහා ආසන පූජා කිරීමේ පින්කම

By |January 31st, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on අභිනව දාන ශාලාව සඳහා ආසන පූජා කිරීමේ පින්කම

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නය උදෙසා ඉදිවෙමින් පවතින අභිනව දාන ශාලාව සඳහා ආසන 250 ක් පූජා කිරීමේ මහඟු පින්කම පසුගිය ජනවාරි මස 31 වන දින සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිනි.

3101, 2015

“නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ” (නෙත්තිප්ප්‍රකරණය) දොරට වඩී

By |January 31st, 2015|Categories: News|1 Comment

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරළ සිංහලයට පරිවර්ථනය කරන ලද නවතම සදහම් ග්‍රන්ථ රත්නය "නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ" එලිදැක්වීම පින්බර නවම් පුන් පොහෝ දින ප.ව. 1.00 ට මාලඹේ අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේදී...

401, 2015

දුරුතු පුන් පොහෝ දින සර්ව රාත‍්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාව

By |January 4th, 2015|Categories: News|Comments Off on දුරුතු පුන් පොහෝ දින සර්ව රාත‍්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාව

පසුගිය දුරුතු පුන් පොහෝ දා (04) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ දී සිරි ඝටීකාර මහා සෑ වන්දනාව ද ඉන් අනතුරුව සර්වරාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක් ද පවත්වන්නට යෙදිණි.

401, 2015

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම (2015/01/04)

By |January 4th, 2015|Categories: සදහම් පරිත්‍යාග|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම (2015/01/04)

අනාගතයේ බුදුසසුන බබලන මේ ලංකා ද්වීපය සම්බුදු පහසින් පවිත්‍රවත් කරවනු පිණිස ශ්‍රී සම්බුද්ධතයෙන් නවමසක් ඉක්ම ගිය ඒ පින්බර දුරුතු පුන්පොහෝ දිනයේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණෝ ප්‍රථම වරට මේ ලක් දෙරණට වැඩම කොට වදාළ සේක. එමෙන්ම [...]

1112, 2014

සොඳුරු වනමලින් සිරි ඝටීකාර මහා සෑ පුද දුන් වගයි!

By |December 11th, 2014|Categories: News|1 Comment

පසුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී දුර්ලභ පුණ්‍යකර්ම රැසක් සමඟින් සිරි ඝටීකාර මහා සෑ වන්දනාව 2000කට අධික සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදිනි.

612, 2014

පරිත්‍රාණ ධර්ම දේශනය

By |December 6th, 2014|Categories: News|3 Comments

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පුණ්‍ය භූමියෙහි සිරි ගෞතම බෝධීන් වහන්සේ රෝපණය කර වසර තුනක් ගතවීම නිමිති කොට ගෙන 2014 උඳුවප් මස පුන් පොහෝදා සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ද්වාර මණ්ඩපයේදී මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත වනු ලැබීය.....

Go to Top