බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ප්‍රදීප් පෙරේරා මහත්මා ඇතුළු පවුලේ සැම ආදී ආනන්දීය සමකාලීන මිතුරන් වන TR සිල්වා, ප්‍රසන්න රත්නතිලක, සසංක ගුණවර්ධන, සුරංග විතාන සහ පවුලේ සැම සහ සම්බන්ධීකරණය ලබා දෙන කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය ඕස්ට්‍රේලියාව ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ‍්‍රද්ධා රූපවාහිනියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මගින් ක‍්‍රියාත්මක කරන ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය 40 කොලණිය ගම්මානයේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍යෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයයේ 2020-01- 12 දින පැවැත්විණි. ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මගින් රැස්වූ සියලු පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !

බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික…

Posted by sco.lk on Monday, 13 January 2020