අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන්විදුලියත් එක්ව සංවිධානය කරන සූවිසි දහසක් මහරහතුන් වන්දනාව අගෝස්තු 18 සවස 4.00 සිට රැය පහන් වනතුරු පොළොන්නරුව රන්කොත් වෙහෙරේදී පැවැත්වේ. මෙම වන්දනාව පහන් අසූ හාර දහසක මහා ආලෝක පූජාවත්, පැන් පාත්‍රා විසි හතර දහසක මහා පැන් පූජාවත්, ගුවන් ගැබෙන් ඇද හැලෙන පිච්ච මල් පූජාව සහ සුවඳ මල් ලක්ෂයක මහා පුෂ්ප පූජාවත් සමඟින්, මහමෙව්නාව භාවනා අසපුවාසී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකාද්වීපයෙහි ගෞතම බුදු සසුන එකළු කරමින් වැඩසිට පිරිනිවන් පා වදාළ උතුම් රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් සිදුකෙරෙන මෙම අසිරිමත් වන්දනාවට සහභාගී වී දුර්ලභ වූත් අනුස්මරණීය වූත් පින් රැස්කරගැනීමට පින්වත් ඔබටත් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
මාධ්‍ය ආවරණය ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ…
මේ මහා පින්කමට ඔබත් දායකවනු කැමති නම්, 0719 575 141 අමතන්න.
පොළොන්නරුවේ සිට රන්කොත් වෙහෙරට ළඟා විය හැකි ගමන් මාර්ගය
කොළඹ, යාපනය, අනුරාධපුර, වව්නියාව ආදී ප්‍රදේශයන් හී සිට පැමිණෙන්නේ නම් එම ප්‍රදේශ වලින් කදුරුවෙලට ඇති බස් රථයකින් පැමිණ පොළොන්නරුව “දීප උයන” අසළින් බැස (පරාක්‍රම සමුද්‍රය ඉදිරිපස) ඊට ඉදිරිපසින් ඇති පූජා භූමියට පිවිසෙන ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී (ඔබගේ පහසුව පිණිස යොදා ඇති) මාර්ග සළකුණු ඔස්සේ පා ගමනින් රන්කොත් වෙහෙරට ලඟාවිය හැකිය..
මහියංගය, අම්පාර, වැළිමඬ ආදී ප්‍රදේශයන් හී සිට පැමිණෙන්නේ නම්…
කදුරුවෙල ට පැමිණෙන්න. ඉන්පසු කදුරුවෙල – නව නඟරය බස් රථයකින් පැමිණ “පොළ හන්දියේ” බැස 1KM පමණ පොළොන්නරුව බුද්ධි මණ්ඩපය පසුකොටගෙන දීප උයන දක්වා පැමිණ, (පරාක්‍රම සමුද්‍රය ඉදිරිපස) ඊට ඉදිරිපසින් ඇති පූජා භූමියට පිවිසෙන ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී (ඔබගේ පහසුව පිණිස යොදා ඇති) මාර්ග සළකුණු ඔස්සේ පා ගමනින් රන්කොත් වෙහෙරට ලඟාවිය හැකිය…
ඉහත සිතියමට අනුව පොළොන්නරුව “දීප උයන” අසළට පැමිණ එහි ඔබගේ වාහනය ගාල්කොට (පරාක්‍රම සමුද්‍රය ඉදිරිපස) ඊට ඉදිරිපසින් ඇති පූජා භූමියට පිවිසෙන ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී (ඔබගේ පහසුව පිණිස යොදා ඇති) මාර්ග සළකුණු ඔස්සේ පා ගමනින් රන්කොත් වෙහෙරට ලඟාවිය හැකිය..
විකල්ප මාර්ගයක් ලෙස සිතියමේ දක්වා ඇති ගල්තඹරාව මාර්ගය ඔස්සේ ද රන්කොත් වෙහෙරට ළඟා විය හැකිය.
Namo Buddhaya
Namo Budhdhya
Meweni pinkamwalin didulanne apage thiloguru busamidunge budhu sasunai
me uthun pinkama sarwapprakarayenma sarthaka wewa
theruwan saranai
Me uthum pinkama wenuwen kepa wena oba siyalu pin aththanta uthum niwana pinisa me pinkama maha ashirwadayak wewa!!!!.pinata kemathi sathwayo waha waha mehi peminethwa.!!