ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් 2020-01-04 වන දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පාසල් දරුවන් 60 දෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් පැවත්වුණි. මේ සඳහා දායකත්වය දරනු ලැබුවේ ඇමරිකාවේ පදිංචි පින්වත් යුනිල් පෙරේරා මහතා සහ තක්ෂිලා හේරත් මහත්මිය ඇතුළු පින්වත් පිරිසක් විසිනි. මෙම පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ මේ වන විට රුපියල් මිලියන 40කට වැඩි මුදලක් පාසැල් සහ විශ්වවිද්‍යාල ළමුන් 1500කට අධික ප්‍රමාණයකට ලබා දී ඇත. මෙම උතුම් පින්කමෙන් රැස්වූ සියලු පුණ්‍ය ධර්මයන් මෙම ශිෂ්‍යත්ව ලබාදීමට දායකත්වය දැක්වූ සියලුම දෙනාට ද, මෙම පින්කම සංවිධානය කිරීමට උපකාර කළ කඩුවෙල හේවාගම බෝධිඤාණ අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලු දෙනාට ද, යොවුන් සභාවේ සියලු පින්වතුන් ට ද, නන්අයුරින් උපකාර කළ පින්වතුන්ට ද, ශ්‍රද්ධා රූපවාහිනියේත් ලක්විරු ගුවන්විදුලියේත් සේවය කරන පින්වත් දරුවන්ට ද, ශ්‍රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!