අපගේ ගොවි මහතුන්ගේ දහඩිය මහන්සියෙන් ඵලදැරූ එළවලු අස්වැන්න විනාශ වන්නට නොදී දුප්පත් ගම්මානවල ජනතාව වෙත සහ ප‍්‍රත්‍ය පහසුව අඩු විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, වැඩිහිටි නිවාස සහ ළමා නිවාස වෙත නොමිලේ පරිත්‍යාග කරනු පිණිස ජාතියේ ගොවි විරුවන් රැකගනිමු පුණ්‍ය ක‍්‍රියාන්විතය ශ්‍රද්ධා රූපවාහිනිය මගින් දියත් කළ වගයි. එහි දෙවන අදියර ලෙස මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ජනතාව වෙත 2020-04-14 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය. එළවළු ලබා ගැනීමට දායකත්වය දැක් වූ සෑම සියලු දෙනාටම රැස් වූ සියලු පින් එකසේ අනුමෝදන් කරමු.

මෙම පුණ්‍ය ක්‍රියාන්විතයේ විස්තර

විවිධ වර්ගයේ එළවළු කිලෝ 5000කින් පමණ යුතු එක් ලොරියක් සඳහා රු. 250,000ක පමණ මුදලක් වැය වන අතර මේ දුෂ්කර අවස්ථාවේ දුප්පත් ගම්මානයක් සඳහා එළවළු ලොරියක් වෙනුවෙන් හෝ හැකි පමණින් බරපැන දරමින් ඔබටත් අප හා එක්විය හැකියි. මේ සඳහා දායකත්වය දැරිය හැකි පින්වතුන් 070 299 47 72 , 070 599 60 35 , 071 091 98 12 දුකරකථන අංකයන්ගෙන් විමසන්න.

එළවළු විකුණාගත නොහැකිව සිටිනා ගොවිමහතුන් සහ නොමිලේ ලොරි ලබාදීමට කැමති පින්වතුන් 070 375 16 67 , 071 77 55 207 අංක අමතන්න.

ඔබ සිදුකරනා සියලු ම මුදල් පරිත්‍යාග ගිණුම් අංක 1162 6100 3919 සම්පත් බැංකුව, කඩුවෙල ශාඛාව, ශ්‍රද්ධා පින්කම් අරමුදල ගිණුමට බැර කර එම රිසිට්පත ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය සමගින් charity@shraddha.lk ඊමේල් ලිපිනයට හෝ 076 14 14 715 වට්ස්ඇප් අංකයට යොමු කරන්න. Swift code BSAMLKLX

ලක්පොළොවෙන් උපන් සාරය ලක් දූ පුතුන් පෝෂණය නොකොට නිකරුනේ දිරායෑමට ඉඩ නොතබමු… අපේ ගොවි විරුවන් රැකගනිමු…. මව්බිම වෙනුවෙන් එක්වෙමු…